ලාබාල පෙම්වතියගේ 54 හැවිරිදි පෙම්වතා ඝාතනය කල තවත් 02ක් කොටුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
10

ලාබාල පෙම්වතියගේ 54 හැවිරිදි පෙම්වතා ඝාතනය කල තවත් 02ක් කොටුවෙයි

ලාබාල පෙම්වතියගේ 54 හැවිරිදි පෙම්වතා ඝාතනය කල තවත් 02ක් කොටුවෙයි

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේදී පිරිසක් විසින් ගස් බැඳ පහරදී ඝාතනය කළ 54 හැවිරිදි පෙම්වතාගේ මරණය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය විසින් තවත් සැකකරුවන් දෙදෙනකු පෙරේදා (08 ) අත්අඩංගුවට ගෙන තිබේ.

 

මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි සැකකරුවන් හයදෙනා චුන්නාකම් පොලිසිය විසින් මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව ලබන 22 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මල්ලාකම් මහෙස්ත්‍රාත්වරයා නියෝගකොට තිබේ.

 

චුන්නාකම් ප්‍රදේශයේ රා අලෙවි කරන නිවසකට දෙදරු පියකු වූ 54 හැවිරිදි මරියදාස් ජෙගදාස් නමැත්තා නිතර නිතර යෑමට පුරුදු වී සිටි අතර එහිදී ඔහු නිවසේ සිටි 19 හැවිරිදි තරුණියක් සමග ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගෙන තිබේ. පවුල් දෙකේම පිරිස මේ සම්බන්ධයට විරුද්ධ වීමත් සමගම ඔවුන් දෙදෙනා ගම්මානයෙන් පලාගොස් වෙනම ස්ථානයක ජීවත් වී ඇත.

 

ඥාතීන් විසින් ඉතා උපක්‍රමශීලීව ඔවුන් දෙදෙනාව ආපසු ගමට කැඳවා ගස් බැඳ පහරදීම හේතුවෙන් 54 හැවිරිදි ජගදාස් නමැති අය බරපතළ තුවාල ලැබූ අතර ඔහුව රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ චුන්නාකම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මුලින්ම හය දෙනකු අත්අඩංගුවට ගත් අතර පසුව ලද තොරතුරු මත තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පහරකෑමට ලක් වූ තරුණියද මේ වනවිට යාපනය තෙලිප්පලෙයි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. චුන්නාකම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පවත්වයි.

views

231 Views

Comments

arrow-up