හඳුනා නොගත් උණ රෝගයකින් පාසල් ගුරුවරියක් අවසන් ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

හඳුනා නොගත් උණ රෝගයකින් පාසල් ගුරුවරියක් අවසන් ගමන් යයි

හඳුනා නොගත් උණ රෝගයකින් පාසල් ගුරුවරියක් අවසන් ගමන් යයි

පැහැදිලිව හඳුනාගත නොහැකි වූ උණ රෝගයක් හේතුවෙන් මිය ගිය යාපනයේ පාසල් ගුරුවරියකගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

 

යාපනයේ, උරුමොපිරායි ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් වන සුගන්ධන් ජාන්සි නැමැති මෙම පාසල් ගුරුවරිය දින තුනකට වඩා වැඩි කාලයක් උණ රෝගයෙන් පෙළුණු නිසා පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා උණ රෝගය සුව නොවූ නිසා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යාපනයේ තෙලිප්පලෙයි රෝහලට ගොස් තිබේ.

 

රුධිර පරීක්ෂණයකින් පසුව ඇයව රෝහලට ඇතුළත් කරගෙන ඇති අතර එහි දිනක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඇගේ තත්ත්වය බරපතල වූ බැවින් ඇයව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇත.

 

ගුරුවරිය මිය ගොස් ඇත්තේ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේය.

 

ඇයගේ මරණයට හේතු වූ උණ රෝගය කුමක්දැයි පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි වූ නිසා ඇයගේ ශරීර අභ්‍යන්තර කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොළඹට යවා මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

 

යාපනයේ චුන්නාකම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙනයයි.

 

 

views

362 Views

Comments

arrow-up