උපන්දින සාදයට එල්ලවූ ප්‍රහාරෙන් මියගිය බිරිඳගේ සැමියාත් රෝහලේදී මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
27

උපන්දින සාදයට එල්ලවූ ප්‍රහාරෙන් මියගිය බිරිඳගේ සැමියාත් රෝහලේදී මිය යයි

උපන්දින සාදයට එල්ලවූ ප්‍රහාරෙන් මියගිය බිරිඳගේ සැමියාත් රෝහලේදී මිය යයි

වවුනියාව තෝණිකල්, සර්කියුලර් මාර්ගයේ නිවෙසක උපන්දින සාදයක් අතරතුර කඩු හා පොලුවලින් පහර කා බරපතළ තුවාල ලබා යාපනය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයකු ඊයේ (26) අලුයම මියගොස් ඇතැයි වවුනියාව පොලිසිය කියයි. සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය 21 හැවිරිදි තරුණියගේ සැමියා වන සත්ගුණැකුලසිංහම් සුගන්දන් (35) නමැති අයකු මෙසේ මියගොස් ඇති බව පොලිසිය පවසයි

 

එම නිවසේ පසුගිය 23 වැනිදා පැවැති උපන් දින සාදයක් අතරතුර දස දෙනකුගෙන් යුත් පිරිසක් නිවෙසට කඩා වැදී නිවැසියන්ට පහරදී ඇති අතර, පසුව නිවසට ගිනි තබා තිබිණි. ගින්නෙන් ෆාතිමා සමීමා සහිඩීන් නමැති 21 හැවිරිදි තරුණියක මියගිය අතර, ළමයින් සිව් දෙනකු, කාන්තාවන් තිදෙනකු ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. එහිදී බරපතළ තත්වයේ සිටි සුගන්දන් නමැත්තා වවුනියාව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී යාපනයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබූ අතර, ඔහු ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙසේ මියගොස් තිබේ.


උපන් දින සාදය පැවති නිවසට මැර ප්‍රහාරයක් එල්ල කළ පිරිස මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර පොලිසිය පවසන්නේ මෙම සිද්ධිය හුදෙක් පෞද්ගලික සිද්ධියක් මත ඇති වූ ගැටුමක් බවයි.

 

සිද්ධිය සී.සී.ටීවී කැමරා වල සටහන්ව ඇතත් ඔවුන්ගෙන් එක් අයෙකු හෝ මේ දක්වා හදුනාගැනීමට නොහැකි වී ඇත්තේ ඔවුන් සියළු දෙනාම මූණු දැඩි ලෙස ආවරණය කරගෙන මෙම ප්‍රහාරය සදහා පැමිණ සිටීම නිසාය.

 


මියගිය යුවලගේ වයස අවුරුදු 2ක පිරිමි දරුවාගේ උපන්දින සාදය පසුගිය 22 වනදා රාත්‍රියේ පැවැත්වුණු අතර ඔවුන්ගේ ඥාතීන් හා අසල්වාසීන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වී සිටි බව කියැවිණි.
සාදය අතරතුරදී පසුගිය 23 වනදා අළුයම 12.30ට පමණ මුහුණු ආවරණය කරගනිමින් එම නිවසට කඩා වැදුණු පුද්ගලයින් එහි සිටි කුඩා දරුවන් ඇතුළු පිරිසට තියුණු ආයුධවලින් පහරදී නිවසට ගිනි තැබූ බව සිද්ධිය දුටුවන් පවසා තිබෙයි.

 


119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරත් අනුව එහි පැමිණි පොලීසිය වව්නියාව නගර සභාවේ ගිනි නිවන ඒකකය ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න මැඩපවත්වා තිබුණා.
මෙලෙස ගිනි තබා තිබුනේ, මුදල් පොලියට ලබාදෙන පුද්ගලයෙකුගේ නිවසකටයි.

 


සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වමින් සිටින බව පොලිසිය පවසයි.

views

236 Views

Comments

arrow-up