දෙදිනක් අතුරුදන්ව සිටි රත්මලානේ දරුවා හය වේලක් බිස්කට් කාලා බඩපුරෝ ගත් හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

දෙදිනක් අතුරුදන්ව සිටි රත්මලානේ දරුවා හය වේලක් බිස්කට් කාලා බඩපුරෝ ගත් හැටි

දෙදිනක් අතුරුදන්ව සිටි රත්මලානේ දරුවා හය වේලක් බිස්කට් කාලා බඩපුරෝ ගත් හැටි

දෙදිනක කාලයක් අතුරුදන්ව පසුව නැවත නිවසට පැමිණි 16 හැවිරිදි දරුවා පොලිසියට පවසා ඇත්තේ තමා හුදකලාව සිටීමට අවශ්‍ය බැවින් නිවසින් පිටත්ව ගිය බවය.

 

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ 11 වැනි වසරෙහි ඉගෙනුම ලැබු මෙම දරුවා ඉකුත් 19 වැනි දින හිටි හැටියේ අතුරුදන් වුවේය.

 

මෙම සිසුවා අභිරහස් ලෙස අතුරුදන් වීම ගැන පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශන ද ආරම්භ කර තිබු පසුබිමක ඔහු නැවත නිරුපද්‍රිතව නිවසට ඊයේ රාත්‍රී 10ට පමණ පැමිණියේ නිවැසියන් පුදුම කරමින්.

 

ඇඳුම් කිහිපයක් පාසල් බෑගයට දමා ගත් ඔහු ඔලුව හැරුණු අතේ ගොස් තිබුණා.

 

ඔහු එලෙස පාගමනින් මොරටුව දෙසට යන අන්දම සීසීටීවි කැමරාවලද සටහන් වී තිබුණා.

 

දෙදෙනික කාලයක් ඔහු නැවතී සිට ඇත්තේ කටුබැද්ද ප්‍රදේශයේ පිහිටි පාසලකය.දෙදිනල් එහි රැය පහන් කළ මෙම දරුවා වේල් හයක්ම කා ඇත්තේ බිස්කට් ය.ඔහු පොඩි මුදලකුත් රැගෙන ගොස් මගදි බිස්කට් පැකට මිලට ගෙන තිබුණා.

 

නිරුපද්‍රිතව ඔහු නැවත නිවසට පැමිණියද ඔහුගේ මනසික මට්ටම පරික්ෂා කිරීමට පොලිසියේ සහය ඇයගේ මවට දී තිබෙනවා.

 

මෙම දරුවාගේ පියාද විදෙස්ගත රැකියාවක් නිරත වෙනවා.ඒ වගේම මොහු කිසිදු පාසල් මිතුරෙක් ආශ්‍රිය කරන්නෑ කියලද ඔහු පොලිසියට කියලා තියෙනවා.

 

මෙම දරුවගෙ මව ප්‍රවීණ සටන් රංග ශිල්පියෙක් වෙන සේනක විජේසිංහගේ බාල සහෝදරියද වෙනවා.

 

මෙම දරුවා සොයන්න පොලිස් කණ්ඩායම් 4ක්ද පත් කරලා තිබුණා.

 

 

 

 

 

views

90514 Views

Comments

arrow-up