“එයාලට සල්ලි නෑලු ගන්න, තාත්තිට කියන්න එපා අම්මි... පුතේ ඔයා කළේ හොඳ වැඩක්” - පුංචි හොර වැඩක් කරපු දඟයා ඉස්කෝලේ යන්න කලින් අම්මිට ලියපු ලියුම (PHOTOS)

හොඳ වැඩ පොත.... අසූව අනූව දශකවල ඉස්කෝලේ ගිය අය නම් මේ මොකද්ද කියලා දන්නවා... දවසේ කරපු හොඳ වැඩ ටික ලියන්න ඉස්කෝලෙන් වෙන් කරපු පොත තමයි ඒක.
පුංචි ළමයින්ගේ හිත් මල් වගේ කියලා කියනවානේ. ඒ කියන්නේ එයාලගේ හිත්වල වෛර, ද්වේශ, ක්‍රෝධ ආදී හැඟීම් අවමයි. ඒ නිසාම එයාලාගේ හැඟීම් හරිම පවිත්‍රයි.
අම්මට හොරෙන් පුංචි වැරදි වැඩක් කරලා තවත් යාළුවෙක්ව සතුටු කරපු පුංචි පුතෙක් ඉස්කෝලේ ගිහින් තියෙන්නේ එයාගේ වැරද්ද පාපොච්චාරනය කරලා එයාගේ අම්මට ලියුමක් ලියලා.
එයාගේ අම්මා ඒක සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.
ඇය නමින් ජයත්‍රි ද සිල්වා. වෘත්තියෙන් ගුරුවරියක් වෙන ඇය ඇගේ පුතා ලියපු මේ සටහන මෙසේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා...
446 Views
Comments