තහනම් ගහේ ගෙඩි කන්න ගිය බිරිඳව එපා වූ සැමියා ඔහුගේ ජීවිතයෙන් බිරිඳව සදහටම මකා දමන්න කළ දේ මෙන්න

ඒ දවස හරි අඳුරුයි.
නැති බැරිකම් නිසාම ඇය උදේ හවස ගෙදර එන්න බැරු වුණත් කීයක් හරි හියාගන්න ඕන නිසා ලොකු ලොකු ගේවල්වල මෙහෙකාරකමට යන්නට ඇති.
වෙලාවක් ලැබුණ ගමන් ඇය නැවත්ත ගෙදරට එන්නේ හිත පිරෙන්න දේවල් අරගෙන, කොහොම වුණත් ඇගේ මේ ගමන ගැන සැමියාට තිබ්බේ ලොකු බයක් වගේම සැකයක්.
මේ කාන්තාවට වඩා අවුරුදු 22 ක් තරම් වයසින් වැඩිමහල් පුද්ගලයෙක්. කොහොම වුණත් මේ කාරණා හැම එකක්ම ඇගේ මරණයට හේතුවක් වෙන්නට ඇති.
මෙම සිද්ධිය සිදුවු බදුල්ල දිස්ත්‍රික්කයේ රිදිමාලියද්ද ප්‍රාදේශයෙන්. ඩබ්ලිව්.එම් සෝමාවතී නැමැති කාන්තාව කුඩාකල සිට මාපිය රැකවරණ නොලැබ මහියංගණය ප්‍රදේශයේ හැදි වැඩි ඇති අතර මිට වසර 27 කට පමන පෙර යකහඋල්පත පදිංචි පුද්ගලයෙකු සමග විවහාව එම ගම්මානයේ ජිවත්ව වී තිබෙනවා.
මේ පවුලේ දරුවන් දෙදෙනෙක් වන අතර ඉන් වැඩිමහල් පුතා සෝමාවතී හා ඇයගේ ස්වාමි පුරුෂයා පදිංචි නිවසට මිටර් විස්සක් තිහක් පමණ දුරකින් නිවසක් තනාගෙන පදිංචිව ඇති අතර දියණිය විවාහවි මහියංගණය පදිංචියට ගොස් තිබෙනවා.
කෝහම වුණත් සෝමාවතී පසුගිය 2021 වසරේ පෙබරවාරි මාසයේ සිට ආගිය අතක් නොමැති බවට රිදිමාලියද්ද පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා.
එහිදි සිදුකල විමර්ශන වලදි අතුරුදහන් ව සිටින බව පැවසෙන සෝමාවතී කුරුණෑගල කොලඹ ඇතුළු විවිධ ප්‍රදේශවල රැකියා කර ඇති අතර නිවසට පැමිනිම සිදුකරන්නේ මාසකට දෙකකට සැරයක් පමණක් බවටත් ඇයගේ අනියම් සම්බන්දතා කිහිපයක් නිසා ස්වාමි පුරුෂයා ඇය සමග නොයෙකුත් අවස්ථාවන් වලදි ගැටුම් ඇති කර ගන්නා බවයි.
කාලයක් යත්ම ඇයගේ ස්වාමි පුරුෂයා විසින් ගම්වාසීන්ට පවසා ඇත්තේ පහුගිය කොරෝනා කාලයේ දි අය නිවසේ නොසිට වෙනත් ප්‍රදේශයක රැකියාව කල බවත් එහිදි කෝවිඩ් ආසාධනයවී මියයන්නට ඇති බවත්ය. ඒත් සිදුවී ඇත්තේ ඊට වඩා හාත්පසිම වෙනස් කතාවක්.
ඒ පසුගිය 2021 වසරේදි තම බිරිද ඝාතනය කල ඇයගේ ස්වාමි පුරුෂයා පසුව ඔහුගේ වැඩිමහල් පුතා සමග එක්ව ඇය වලකට දමා පස්වලින් වසා දමා තිබෙනවා.
ඔහු සිතන්නට ඇත්තේ මෙය කවදාවත් හෙලි නොවේ කියා වෙන්නට ඇති. කොහොම වුණත් මෙම පිය පුතු දෙපලට එය වසන්කරමින් සමාජය තුල කාලය ගත කල හැකි වුයේ වසර දෙකකුත් මාස පහක් වගේ කාලයක් විතරයි.
ඇයගේ ඝාතනය පිලිබඳව සියලුම තොරතුරු සොයා ගැනිමට හැකි වන්නේ මෙහිදී සිදුකළ පොලිස් පරීක්ශන වලට අනුවයි”’ කොහොම වුණත් අද වෙනකොය මොවුන් දෙදෙනාට තවත් මේ වරදට දඬුවම් නොලබා වසන්ව ඉන්නට බැරි වේවි.
563 Views
Comments