සුපිරි නලු ෂාරුක්ගේ සාර්ථකත්වය වෙනුවෙන් නොකළ දෙයක් ගැන ගෞරි හෙළි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

සුපිරි නලු ෂාරුක්ගේ සාර්ථකත්වය වෙනුවෙන් නොකළ දෙයක් ගැන ගෞරි හෙළි කරයි

සුපිරි නලු ෂාරුක්ගේ සාර්ථකත්වය වෙනුවෙන් නොකළ දෙයක් ගැන ගෞරි හෙළි කරයි

ගෞරි ඛාන් කළැයි කියන ප්‍රකාශයක් ගැන, බොලිවුඩයේ පොඩි කතාබහක් ඇති වෙලා.

 

නමුත් අදාළ ප්‍රකාශය නම් මෑතක කළ එකක් එහෙම නෙවෙයි.

 

ඊට අනුව ගෞරි කියලා තියෙනවා, සිය සැමියා වන ‘ෂාරුක්ගේ සාර්ථකත්වය වෙනුවෙන් තමන් කිසිදා යාච්ඤා නොකළ බව’

 

ගෞරි සමඟ කළ පැරණි සම්මුඛ සාකච්ඡාවක් උපුටාගෙනයි මේ කතාව Reddit හි සටහන්ව තිබුණෙ.

 

කොහොම නමුත් සිය කතාව තුළ ම ඇය සඳහන් කරලා තියෙනවා, ඔහු චිත්‍රපට හොඳින් කළ යුතු බවට තමන් සිතූ බවත්.

 

”මම ඔහුගේ මුල් සාර්ථකත්වය කිසිදා භුක්ති නොවින්දෙමි.
පුදුමයට කරුණක් නම්, ඔහු චිත්‍රපටවලට සම්බන්ධ වනවාට වඩාත් විරුද්ධ වූ මගේ පවුලේ අය වෙන කවරදාටත් වඩා ඔහුගේ වෘත්තියට සම්බන්ධ වීමට පටන් ගැනීමයි.
ඔවුන් ඔහුගේ සාර්ථකත්වයට යාච්ඤා කළා.
ඔහු චිත්‍රපට හොඳින් කළා….”

 

ඒ වගේම ගෞරි සඳහන් කරලා තිබුණා, විවාහ වූ මුල් වසරවලදී මුම්බායිහිදී තමාට අපහසුතාවයක් දැනුණු නිසාම ෂාරුක්ගේ චිත්‍රපට අසාර්ථක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වුණු බව.

 

කොහොම නමුත් එවන් වටපිටාවක ෂාරුක් ද ගෞරිට පොරොන්දු වෙලා තියෙනවා, ඇයට මුම්බායි වෙත හැඩගැසීමට නොහැකි වුණොත් නැවත දිල්ලියට යන බවටත්.

 

ඉතින් මේ කාලයේදී තමන් ෂාරුක්ගේ බොහෝ චිත්‍රපට නරඹා නොතිබුණු බවත්, ඔහුගේ වෘත්තිය කෙරෙහි තමන්ට උනන්දුවක් නොතිබුණු බවත් ගෞරි හෙළිකර තිබුණා.

 

ෂාරුක් කියන්නෙ ‘ලොව සාර්ථකම නළුවා’ කිව්වාට වැරදි නෑ.

 

ඉතින්, ෂාරුක්ගේ සාර්ථකත්වය පිටුපස ගෞරි ඉන්නා බව පැහැදිලිවම පෙනුනත් ඇතැම් තැන්වලදී ඒ කතාව නිවැරදි නොවන බවයි බොලිවුඩ් ආරංචි මාර්ග මේ කතාබහ උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ.

views

157 Views

Comments

arrow-up