බොලිවුඩයේ රාජිණියගේ 46 වැනි උපන් දිනය සැමරුණේ මෙහෙමයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

බොලිවුඩයේ රාජිණියගේ 46 වැනි උපන් දිනය සැමරුණේ මෙහෙමයි (PHOTOS)

බොලිවුඩයේ රාජිණියගේ 46 වැනි උපන් දිනය සැමරුණේ මෙහෙමයි (PHOTOS)

බොලිවුඩයේ සාරියට ලස්සනම නිළිය කවුද කියලා ඇහුවොත් ඔබ මොකද කියන්නේ?

 

එහෙම කියද්දී අති දක්ෂ නිළි විද්‍යා බාලන් ව ඔබේ මතකයට එනවා කියලා නම් හොඳටම විශ්වාසයි.

 

ඉතින් අද අති දක්ෂ බොලිවුඩ් නිළියක්වන විද්‍යා බාලන් ඇගේ 46 වෙනි උපන් දිනය සමරනවා.

 

විද්‍යා කියන්නේ බොලිවුඩයේ චරිතාංග නිළියක්. ස්ත්‍රී කේන්ද්‍රීය නිර්මාණයක් බිහි වෙනවා නම්, ඒ නිර්මාණයේ ප්‍රධාන නිලිය වෙන්නේ විද්‍යා බාලන්.

 

ඇය කොයි තරම් දක්ෂ විදිහට ඇගේ රංගන ප්‍රතිභාව ප්‍රේෂකයින්ට විදහා දක්වනවාද කියලා පහුගිය කාලයේ තිරගත වුණ, පරිනීතා, ඩර්ටි පික්චර්, බූල් බුලයියා, කහානි වගේ චිත්‍රපට බැලුවහම තේරුම් ගන්න පුළුවන්.

 

 

අනිත් බොලිවුඩ් නිළියෝ වගේ නෙමෙයි, විද්‍යා ක්ෂේත්‍රයේ නිළි රැජිනක් වෙලා හිටියේ ටිකක් තරබාරු පෙනුමකටත් හිමිකම් කියමින්. හැබැයි මේ වෙද්දී ඇය තමන්ගේ ශරීර බර අඩු කරගෙන විද්‍යාගේ පෙනුම් වෙනස් කරගෙනත් තියෙනවා.

 

මේ දවස් වල විද්‍යා දක්ෂ නළු කාර්තික් ආර්යන් එක්ක කරපු බූල් බුලයියා 03 ෆිල්ම් එකත් එක්ක ගොඩාක් කාර්ය බහුල වෙලා ඉන්නේ කියලයි බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ.

 

වයස අවුරුදු 46 ක් වුණත්, ඒ බවක් පොඩ්ඩක්වත් පෙනෙන්නට නැති මේ දක්ෂ නිළියට තවත් රසික ආදරය වැඩි වෙන තරමේ නිර්මාණය කරන්න ලැබෙන්න කියලා ඇයගේ උපන් දිනයට සුබ පැතුම් එකතු කරන ගමන් අපි ප්‍රාර්ථනා කරනවා.

 

 

 

 

views

141 Views

Comments

arrow-up