විවාහය අවසන් කර හොලිවුඩයේ හාස්‍යජනකම යුවළ වෙන්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

විවාහය අවසන් කර හොලිවුඩයේ හාස්‍යජනකම යුවළ වෙන්වෙයි

විවාහය අවසන් කර හොලිවුඩයේ හාස්‍යජනකම යුවළ වෙන්වෙයි

Sacha Baron Cohen සහ Isla Fisher යන ලෝක ප්‍රකට තරු යුවළ, දශක දෙකකට පසු තමන් දෙදෙනා දික්කසාද වන බව නිවේදනය කරලා.

 

එයාකාරයෙන් ඔවුන් වෙන්වන බව දන්වලා තිබුණේ සිය සමාජ මාධ්‍ය වෙත සටහන් එක්කාසු කරමින්.

 

ඒ අනුව පසුගිය වසරේදී විවාහය අවසන් කිරීමට අදාළ ලියකියවිලි ගොනු කළ බවයි ඔවුන් සඳහන් කරන්නේ.

 

දරුවන් තිදෙනෙකු සිටින මෙම යුවළ 2001 දී හමුවී 2004 වසරේදී විවාහ ගිවිස ගනු ලැබුවා.

 

බාරොන් සහ ෆිෂර් දෙදෙනාම සුදු පැහැ ඇඳුමකින් සැරසී සිටින සේයා රුවක් මත ලියන ලද සටහනක දක්වා තිබුණේ,

 

"වසර 20 කට වැඩි කාලයක් පැවති දිගු ටෙනිස් තරඟයකින් පසුව,

 

අපි අවසානයේ අපගේ රැකට් බිම තබමු.

 

අපි සැමවිටම අපගේ පෞද්ගලිකත්වයට ප්‍රමුඛත්වය දී ඇති අතර,

 

මෙම වෙනස හරහා නිහඬව වැඩ කරමින් සිටිමු.

 

අපි අපේ දරුවන්ට අපේ ආදරය සදාකාලිකවම බෙදා දෙන්නෙමු...'' යනුවෙන්.

 

Baron Cohen හඳුනාගැනෙන්නේ හොලිවුඩයේ විකට රංගන ශිල්පියෙක් හැටියට. සම්මානනීය නළුවෙක් වන ඔහු Ali G චරිතය හරහා වඩාත් ප්‍රසිද්ධ විය.

 

ඕස්ට්‍රේලියානු නිළියක් සහ ලේඛිකාවක් වන Isla Fisher, හඬකැවීම් ශිල්පිනියක් ලෙසද ප්‍රකට ය. ඇය "Confesions of a Shopaholic" සහ "Wedding Crashers" ඇතුළු ජනප්‍රිය විකට චිත්‍රපටවල රංගනයන් සඳහා වඩාත් කතාබහට ලක්විය.

 

views

363 Views

Comments

arrow-up