“හරියටම අවුරුද්දක්, චූටි මැණික් කැටේ මං ගාවට ඇවිත්” - නත්තල් දා ආදරේ අරන් ආ සාරාගේ පුංචි රෝස මලට දැන් අවුරුද්දයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

“හරියටම අවුරුද්දක්, චූටි මැණික් කැටේ මං ගාවට ඇවිත්” - නත්තල් දා ආදරේ අරන් ආ සාරාගේ පුංචි රෝස මලට දැන් අවුරුද්දයි (PHOTOS)

“හරියටම අවුරුද්දක්, චූටි මැණික් කැටේ මං ගාවට ඇවිත්” - නත්තල් දා ආදරේ අරන් ආ සාරාගේ පුංචි රෝස මලට දැන් අවුරුද්දයි (PHOTOS)

සාරා අබේවර්ධනගෙ කැදැල්ල සරසන්න, ගෙවුණු නත්තලේ පුංචි අමුත්තෙක් ආවා.

 

දැන් එයාට අවුරුද්දකුත් වෙලා.

 

කාලය ගෙවෙන ඉක්මන කියලා අපිට වගේම සාරාටත් හිතෙනවා ඇති අනිවාර්‍යයෙන්ම.

 

නත්තල් දා දෝතට ආව පුංචි පැංචිය තමයි සාරාට ජීවිත කාලෙටම ලැබුණු වටිනාම නත්තල් තෑග්ග.

 

ඇය මේ කියන්නෙ අන්න ඒ ආදරේ කතාව….

 

”හරියටම අවුරුද්දක්
චූටි මැණික් කැටේ මං ගාවට ඇවිත්.
ඒකත් සීතල උදුවප් මහේ ජේසූ තුමාගේ උපන් දිනය සමරන අද වගේ දවසක..
දවසෙන් දවස ඔයා ලොකු වෙනවා
අම්මගේ ආදරේත් එක්කම දරා ගන්න ඕන වගකීම් වල බරත් වැඩි වෙන බව මං දන්නවා..
මුලු ලෝකයටම ආශිර්වාදයක් වෙන්න…
කොච්චර ගැරහුම් රිදුම් ආවත් නොසැලී ඉදිරියටම යන්න ඕන කරන හයිය අම්මි ඔයාට දෙනවා…
මං හරි ආදරෙන් ආසාවෙන් බලන් ඉන්නවා මගේ ලස්සන අහිංසක චූටි පැටියෝ ඔයා ලෝකෙම දිනනකං…
චූටි මැණිකට සුව සුභ උපන් දිනයක් වේවා!!!
HAPPY BIRTHDAY SWEET GIRL

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

258 Views

Comments

arrow-up