තාත්තාගේ ඇස් මානයේ සිටි පුංචි සිඟිත්තා හදවත් කම්පා කරමින් යළි නොඑන්න යන්නම ගිය හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

තාත්තාගේ ඇස් මානයේ සිටි පුංචි සිඟිත්තා හදවත් කම්පා කරමින් යළි නොඑන්න යන්නම ගිය හැටි

තාත්තාගේ ඇස් මානයේ සිටි පුංචි සිඟිත්තා හදවත් කම්පා කරමින් යළි නොඑන්න යන්නම ගිය හැටි

මේ කතාව වාර්තා වෙන්නේ  තංගල්ල සාරසුභගම උදා ගම්මානයෙන්...

 

කවුරුත් හිතන්නේ නැති තත්පරයක පුංචි මල් කැකුලක් කාටවත් නොකියා සැඟවිලාම ගිහින්... 

 

අම්මා තාත්තාගේම ඇස් මානේ හිටියත් දරුවෙකුට අනතුරක් වෙන්න විනාඩියක් වත් ඕන නෑ කියන එක මේ කතාවෙදී හොඳින්ම පැහැදිලි වෙනවා...

 

පසුගිය අගෝස්තු 7 වන දින කුඩා දරුවෙකු අනාරක්ෂිත ළිඳකට වැටී අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා...

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු දෙකයි මාස 7ක් වයසැති දරුවෙක් බවයි වාර්තා වන්නේ...

 

මියගිය දරුවා පදිංචිව සිටි නිවස අසල පිහිටි නිවෙසකට, ජලය ලබා ගැනීම සඳහා ගම්වාසීන් පිරිසක් කාණුවක් කපමින් සිට ඇති අතර දරුවාගේ පියාද එම ස්ථානයට ගොස් තිබෙනවා.

 

කුඩා දරුවාද තාත්තා අසල සිට මද වේලාවකින් තම නිවෙස දෙසට ඇවිදගෙන ගොස් ඇති අතර පසුව කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ දරුවා නිවසේ නොමැති බවයි....

 

ඒ අනුව සියළු දෙනාම එකතු වී දරුවා පිළිබඳ සොයා බලා ඇති අතර අසල පිහිටි අඩක් ඉදිකළ අනාරක්ෂිත ළිඳකට වැටී සිටියදී අදාළ දරුවා හමු වී තිබෙනවා.

 

පසුව දරුවා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කළද දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

 

කෙසේ වෙතත් මෙම අනාරක්ෂිත ළිඳ එම අවස්ථාවේදීම වසා දැමීමට තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින් උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ...
 

views

487 Views

Comments

arrow-up