“මනාලියක් වුණාට පස්සෙ අපි එයාගෙන් ඇහුවා, මෙහෙණියක් වෙන්න ඇයට ඇත්තටම අවශ්‍යද කියලා?” - පැවදි දිවියට පිවිසි වීරවරිය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

“මනාලියක් වුණාට පස්සෙ අපි එයාගෙන් ඇහුවා, මෙහෙණියක් වෙන්න ඇයට ඇත්තටම අවශ්‍යද කියලා?” - පැවදි දිවියට පිවිසි වීරවරිය

“මනාලියක් වුණාට පස්සෙ අපි එයාගෙන් ඇහුවා, මෙහෙණියක් වෙන්න ඇයට ඇත්තටම අවශ්‍යද කියලා?” - පැවදි දිවියට පිවිසි වීරවරිය

එක වෙලාවක් එනවා, මේ ජීවිතේ කිසිම තේරුමක් නෑ කියලා දැනෙන්න ගන්න. එහෙව් මොහොතකට පස්සෙදිත්, හුඟක් උනුන් තීන්දු කරනවා, මේ මඟ නොයා වෙන මඟක ජීවිතේ හොයන් යන්න. (ඒ මේ කතාව ඇහුණු වෙලාවේ මුලින්ම දැණුනු දේ!)


 

මේ ඉන්නෙ ඇය, මනීෂා ඉන්දීවරී වික්‍රමසිංහ.


 

ඈ. ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරියක් වුණා. සත්‍ය වශයෙන්ම ජීවිතේ සැනසුම හොයාගෙන ගිය ඈ කහවතක් දරන්නටත් කලියෙන් රටක් හෙල්ලූ වීරවරියක් වුණා.


 

මේ වෙනොකට ඈට අවුරුදු 35යි. මනීෂා ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිදහස් ආර පැරෂුට් පැනීමේ ප්‍රථම කාන්තා නිලධාරිනිය විදිහටත් වාර්තා අතරට ආ තැනැත්තියක්.


 

එසේම මේ වීරවරිය වන්නි මානුෂිය මෙහෙයුමේ අවසන් සටනේ පුදුමාතලන් ඉදිරි ආරක්ෂක වළල්ලේ‘ද රාජකාරී කටයුතු කොට තිබුණා.


 

රට වෙනුවෙන් මෙහෙවර නිමවූ ඇය අද මොනරාගල, වැල්ලවාය බුළුගල ආරණ්‍ය සේනාසනයේ කරන්දෙණියේ, ධම්ම නිරෝධා මෙහෙණින් වහන්සේ නම් වනවා.


 

අපේ ගෙදර තිබුණේ තනිකරම බෞද්ධ පරිසරයක්. මම පුරුද්දක් වශයෙන් කුඩා කාලයේ සිටම පන්සල් යනවා. ධර්ම දේශනාවලට සවන් දෙනවා. බුදු පිළිම වන්දනා කිරීමට හා බෝධි පූජා පැවැත්වීමට එයා ගිය ගැඹුරු ධර්මයක් බුදු දහමේ ඇති බව කලක් ගිය පසු මට අවබෝධ වුණා. මේ නිසා මම හැකි සෑම අවස්ථාවකදීම බුදු දහම ගැන ලියැවුණු පොත්පත් කියෙව්වා. ඒ අනුව මනමාලියක් වී පැවිදි දිවියට ඇතුළත්වීමේ සිහිනය ලබා ගැනීමට තීරණය කළා. ඕනෑම කෙනෙකුට තමන්ගේ ජිවිතයේ ඇතිවන ඕනෑම ප්‍රශ්නයකට බුදු දහමේ විසඳුම තිබෙන බව මම අවබෝධ කර ගත්තා. (මනීෂා ඈ ගැන කියපු කතාවක් - උපුටා ගැනීම සිළුමිණ පුවත්පත)


 

ගිහි ජීවිතේ ඇගේ අන්තිම ආසාව වුණේ මනාලියක් විදිහට හැඩවෙන එක (ඇත්තටම ඒක ඇගේ ආසාව නෙවෙයි. සමීපතමයින්ගේ ආසාවක් ඇය ඉටු කළා!


 

මනාලියක ලෙස සැරසුණු පසුව අපි ඇයගෙන් යළිත් විමසුවා, මෙහෙණි සසුනට ඇතුළු වීමට ඇයට ඇත්තෙන්ම අවශ්‍ය ද, ඊට කැමැත්තක් ඇද්ද යන වග. ඇය තමන්ට මෙහෙණි සසුනට ඇතුළු වීමට අවශ්‍යම බව දැන්වූවා. පසුව ඇයගේ කැමැත්ත අනුව මනාලියක ලෙස සැරසි සිටි ඇඳුම ඉවත් කර කොණ්ඩය කපා අදාළ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකර පසුව කහ සිවුර පොරවා පැවිදි දිවියට ඇතුළත් වීමට ඇයට අවස්ථාව ලබා දුන්නා. (ඈව පැවිදි දිවියට ඇතුළත් කෙරූ ජීනසාර හිමි - උපුටා ගැනීම සිළුමිණ පුවත්පත)

 

තව දිගු දුර ඇවිද යන්න තිබුණා වුණත්, ඈ මේ ඉසව්වෙන් නවතින්න තීන්දු කරනවා. දැන් ඈ නැවතී ඉන්නවා මේක මහා දුකක්‘ බැව් ඈ කියනවා.


ඈට ඒ සදාතනික සුවය උතුම්ම වූ ‘නිර්වාණය‘ බොහෝ දුර නොවේවා !!

views

613 Views

Comments

arrow-up