ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු දිවිසැරිය නිම කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
12

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු දිවිසැරිය නිම කරයි

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු දිවිසැරිය නිම කරයි

පුරා දසක හතරකට වැඩි කලක් ශ්‍රී ලාංකීය සිනමාව පෝෂණය කළ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් හා අධ්‍යක්ෂවරයෙක් වූ ඇලරික් ලයනල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

 

1978 වසරේදී අනූපමා සිනමා පටය නිෂ්පාදනය කරමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසී ඇලරික් ලයනල් ප්‍රනාන්දු අතිශය ජනප්‍රිය වූ ක්‍රිස්තු චරිතය, කිරිසුවඳ,රන්දම්වැල්, මැවිලා පෙනේවි රූපේ, දළුලන ගිනි, සෙනෙහස පෑවා, ආදර පූජාසනේ, සඳ තාරකා චිත්‍රපට නිෂ්පාදනයෙන් සිනමාව පෝෂණය කළේය.

 

රන්දම්වැල්, මැවිලා පෙනේවි රූපේ, දළුලන ගිනි, සෙනෙහස පෑවා, ආදර පූජාසනේ හා සඳ තාරකා චිත්‍රපට අධ්‍යක්ෂණයෙන්ද සිනමාව හා බැඳුණු ඇලරික් ලයනල් ප්‍රනාන්දු නිෂ්පාදනය කළ සෙනෙහස පෑවා, ආදර පූජාසනේ හා සඳ තාරකා යන සිනමාපට ඉදිරියේදී තිරගත වීමට නියමිතය.

 

ඔහුගේ අවසන් කටයුතු 14 වැනි බදාදා සවස නාගොඩ කඳාන රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

 

ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අංක 7 මොරාවත්ත පාර නාගොඩ කඳාන ලිපිනයෙහි තැන්පත් කර ඇත.

views

466 Views

Comments

arrow-up