“සිහිනෙක බැඳි සේයාවී පාවී, නුපුරුදු සිත සනසාවී යාවී” - ජීවිතයට නව ඇරඹුමක් ගත් ගෙවින් - උමාලි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

“සිහිනෙක බැඳි සේයාවී පාවී, නුපුරුදු සිත සනසාවී යාවී” - ජීවිතයට නව ඇරඹුමක් ගත් ගෙවින් - උමාලි (PHOTOS)

“සිහිනෙක බැඳි සේයාවී පාවී, නුපුරුදු සිත සනසාවී යාවී” - ජීවිතයට නව ඇරඹුමක් ගත් ගෙවින් - උමාලි (PHOTOS)

ගෙවින් අභිෂේක්ගේ කුළුඳුල් ගීතය “මිණිනේත්‍රනී” පහුගිය දවසක එළියට ආවේ, අතිශය ආන්දෝලනාත්මක කතාබහට ඉඩහසර වෙන්කරමින්.

 

ඒකට ප්‍රධානතම හේතුව වුණේ ගෙවින් සහ උමාලි ඊට ලබාදී තිබුණු පූර්ව ප්‍රචාරක කටයුත්තෙ ''සැර තරමක් වැඩිවීම''

 

කතාවේ අග මුළ ගළපගන්න බැරි වුණු පිරිස් හිතන්න වුණා, ගෙවින් - උමාලි දෙන්නා පෙම්වතුන් බවත් ඔවුන්ගේ විවාහ ගිවිසගැනීම නුදුරේදීම සිදුවන බවක්.... (තාමත් ඒ ගැන කතාබහ නම් නිම වෙලා නෑ)

 

ඒ අතර බහුතරයකගේ මතය බවට පත් වුණේ කුමක් නමුත් දෙන්නත් එක්ක කරන නිර්මාණ කටයුත්තකටයි මේ සැරසෙන්නෙ කියලා.

 

අන්න ඒ බහුතර මතය හැබෑවක් කරමිනුයි ගෙවින්ගේ “මිණිනේත්‍රනී” එළියට ආවේ.

 

“මිණිනේත්‍රනී” රූප රචනය සරසා තිබුණේ ගෙවින් - උමාලි යුවළ විසින්.

 

''සිහිනෙක බැඳි සේයාවී පාවී

 

නුපුරුදු සිත සනසාවී යාවී

 

මිණිනේත්‍රනී ඈ මගේ...''

 

ගීතයට ලැබුණු ප්‍රතිචාර අතරෙ බොහෝ දෙනාගේ අදහස බවට පත්ව තිබුණේ, මේ නිර්මාණය හැබෑවක් වනවා නම් වඩාත් සුදුසුයි කියන කාරණය.

 

කොහොම නමුත් ගෙවින් - උමාලි එකතුව කෙතරම් සොඳුරු එකක් ද යන්න පිළිබඳව ලියවුණු සටහන් සෑහෙන්න.

 

ගීතයට ලියවිලා තිබුණු ඇතැම් විචාර අතරත්, ඒ ප්‍රේමය ගැන සඳහන්ව තිබුණු තැන් දකින්න ලැබුණා.

 

පහතින් දැක්වෙන්නේත් “මිණිනේත්‍රනී” නිර්මාණාත්මක වෑයම ගැන ලියවුණු එවන් ආදරණීය සටහනක්....

 

''සිහිනෙක බැඳි සේයාවී පාවී

නුපුරුදු සිත සනසාවී යාවී

මිණිනේත්‍රනී ඈ මගේ….

ආදරයට කළ නොහැක්කක් නොමැත...

 

කෙනෙක්ගේ Mood swings කියන එක තප්පර දශම ගානකදි වෙන්න පුළුවන් දෙයක්.

 

විශේශයෙන්ම සංවේදී ගෑණියක් කියන්නේ තමන්ගේ සිතුවිලි බර වැඩි තැන් වලදී හරිම වේගයෙන් හිත එහා මෙහා වෙන කෙනෙක්.

 

කෙනෙක්ට ගෙවල් ළඟ හංදියට ගිහින් එන්න Make up ටිකක් නැතිව බැරි වෙද්දී තව කෙනෙක්ට තමන්ගේ කසාඳේ දවසට Make up දාන එක කරදරයක් වෙන්න පුළුවන්.

 

තමන් මුළු හදවතින්ම ප්‍රේමකරන මනුස්සයා එක්ක එක වහළක් යටට යන්න , ඒ මනුස්සය එක්ක ජීවිතේම බෙදාගන්න තීරණය කරන ගැහැණියකට සමාජීය ක්‍රමය යටතේ කසාඳයක අවශ්‍යතාවය ඇති උනාට, කසාඳයක් තුළ තියන විච්චූරණයන් සිදුකරන්න සිදු උනාට , මුදු හුවමාරුවක් පමණක් ඇතැයි යැයි යන හැඟීම අවසාන මොහොතේ හෝ සිතීම සමහරක්විට නතර කරගැනීමට නොහැකි වෙන්න පුළුවන්.

 

ඝෝශාකාරී,වර්ණිත වටපිටාවෙන් මිදී හිත ගත නිදහස් තැනකට දිවයාමට සිතීම සමහරක්විට නතර කරගැනීමට නොහැකිවන්න පුළුවන්.

 

ඉතින් වැදගත්ම දේ අන්කිසිවක් නොව තමන්ගේ සිතුවිල්ල පැවසූ විට ඇහුම්කන් දෙන පිරිමියකු ඒ ගැහැණිය විසින් තෝරාගෙන තිබීමයි.

 

 

දෙවරක් ප්‍රශ්න නොකොට තමාට ප්‍රේමය කියාදුන් ගැහැණියගේ සිතුවිලි වලට එකඟව ඇය සනසන පිරිමි සිතක් ඇය සොයාගෙන තිබීමයි.

 

දිව්‍ය ප්‍රේමය උපද්දනා ඇයව තේරුම්ගත් පිරිමියෙක්

 

අන් කිසිවෙකුට හෝ කිසිවකට වඩා සිතෙහි පවතින සාමය වැදගත් යන්න තේරුම්ගත් ගැහැණියක් එකතුව ප්‍රේමයට කළ නොහැක්කක් නොමැතිය යන්න මේ ගීතයෙන් කියාදෙනු ඇත...

 

අන්තිමට තව එක දෙයක් සමහර යාලුවෝ ඉන්නවා අපි මොන බුල කෙලියත් මොන පිස්සුවක් කලත් මොන විදියේ වැඩක් කලත් අපි ව අත අරින්නෙ නැති.

 

එහෙම ජාතියේ යාලුවා තමයි මුද්ද අරන් අන්තිමටම Beach එකට එන්නේ…

 

ආදරයට කළ නොහැක්කක් නොමැත.. මිණිනේත්‍රනී

 

රහ වැඩක්

 

Irudini Umali Great work Akki

 

Gevin දිගටම සිංදු කියපන් මචං

 

Kovindu Prabhashwara

 

2024/03/29 ''

 

ඒත් එක්කම, උමාලිට ආදරේ කරන ඔබ වෙනුවෙන් පහුගිය දවසක ඈ රයිගම් සම්මාන උලෙළට සහභාගී වුණු සේයා රූ කිහිපයකුත් මෙලෙස ගෙන එන්න අපි කල්පනා කළා....

 

 

 

 

 

views

788 Views

Comments

arrow-up