ටෙලිග්‍රෑම් ලොක්කාව කොටුකරගන්න ඔත්තු දී ඇත්තේ, ඔහුගේම පෙම්වතිය ? - එළියට ආ අලුත්ම කතාව මෙන්න

ටෙලිග්‍රෑම් ප්‍රධාන විධායක නිලධාරි පාවෙල් ඩුරොව් අත්අඩංගුවට ගැනීමත් එක්ක, තාක්ෂණික ලෝකය මේ වෙද්දි කැළඹිලි සහගත තත්ත්වයකට පත්වෙලා.
ඊට හේතුව ඔහුට එරෙහි චෝදනා විතරක් ම නෙවෙයි. ඩුරොව් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අභිරහස් කාන්තාවක් ගැනත් කාගෙත් අවදානය යොමුවෙන්න අරන්.
ඇය නමින්, ජූලි වවිලෝවා (Juli Vavilova)
විදෙස් මාධ්‍යයන්ට අනුව වවිලෝවාගේ අනන්‍යතාවය, භූමිකාව සහ ඩුරොව් සමඟ ඇති සම්බන්ධය ගැටළු සහගත තත්ත්වයකට ඇවිත්.
24 හැවිරිදි ඇය ඩුබායි හි ක්‍රිප්ටෝ පුහුණුකරුවෙක් සහ වීඩියෝ ක්‍රීඩා ප්‍රවාහකයෙකු ලෙස ප්‍රකට චරිතයක් වෙනවා.
"රුසියාවේ මාර්ක් සකර්බර්ග්" මැයෙන් කවුරු අතරත් ජනප්‍රිය ඩුරොව්, ඉකුත් දා පැරිසියේ Le Bourget ගුවන් තොටුපළේදී ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ සාපරාධී අන්තර්ගතයන් බෙදා හැරීම ඇතුළු බරපතල චෝදනා හේතුවෙන්.
Telegram හි මධ්‍යස්ථභාවය නොමැතිකම, බාල වයස්කරුවන්ට එරෙහි යැයි කියනු ලබන අපරාධ ඊට අයත්.
ඒ අනුව බාලවයස්කරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ ආයතනයක් වන ප්‍රංශයේ OFMIN, ඩුරොව් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.
ක්‍රෙම්ලිනයට සංකේතාත්මක දත්ත ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු 2014 දී රුසියාවෙන් පලා ගිය ඩුරොව්, දිගු කලක් තිස්සේ ජාත්‍යන්තර නීතියේ ඉලක්කයක් වී සිටි අයෙක් ද වෙනවා.
මෙයාකාර චෝදනා ලබන ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර ඉහත කී වවිලෝවා ඔහු සමඟ ගමන් කරමින් සිටි බවයි වාර්තා වෙන්නෙ.
කොහොම නමුත් මෙම සිදුවීමෙන් පසුව ඇයගේ පවුලේ උදවියට වවිලෝවාව සම්බන්ධ කරගැනීමේ හැකියාවක් ද නොපවතින බව සඳහන්.
ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ පාවෙල් ඩුරොව් සමඟ අසර්බයිජානය හරහා සංචාරය කළ ජූලි වවිලෝවා, ඩුරොව්ගේ තොරතුරු හෙළි කරන්නට ඇති බව.
ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිතයන්ට අනුව දෙදෙනා අතර සමීප සම්බන්ධයක අපැහැදිලි සේයාවක් ඇති බවකි බොහෝදෙනාගේ මතය. එමෙන්ම ඇය ඩුරොව්ගේ පෙම්වතිය ලෙස වඩාත් ප්‍රකටයි.
එම සම්බන්ධතාව තාක්‍ෂණික ප්‍රකෝටිපතියා අල්ලා ගැනීමට උත්සාහගන්නන් ඇටවූ උගුලක් සේ පෙනෙන්නක් බවයි බහුතරයකගේ අදහස වෙන්නෙ. එක් සටහනක ඇය මොසාඩ් නියෝජිතයෙකු බවත් කියවෙනවා.
කොහොම නමුත් ද්විත්ව ප්‍රංශ පුරවැසියෙකු ලෙස යුරෝපයට නිතිපතා සංචාරය කළ බැවින්, ඩුරොව් කිසිවිටෙක සැඟවී හෝ පලා නොගිය බවයි ඔහුගේ පාර්ශවයෙන් නම් අවදාරණය කර ඇත්තේ.
211 Views
Comments