වසර 14කට පසු ඉන්දික ගුණවර්ධනයන්ගේ “හිතේ කෙටූ ටැටූ” නව මුද්‍රණය එළිදැක්වේ

කවියෙක්, නවකතාකරුවෙකු මෙන් ම පරිවර්තකයෙකු ද වූ ඉන්දික ගුණවර්ධනයන්ගේ ''හිතේ කෙටූ ටැටූ'' කාව්‍ය සංග්‍රහය නව මුද්‍රණයක් ලෙසින් එළිදැක්වීම ඊයේ (01) සිදු කෙරුණා.
ඒ, කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී යි.
'හිතේ කෙටූ ටැටූ' කාව්‍ය සංග්‍රහය, ප්‍රථම මුද්‍රණයෙන් වසර 14කට පසු යළි නව මුද්‍රණයක් ලෙසින් ජනගත වීම සුවිශේෂී ය.
කෘතිය එළිදැක්වීමට සමගාමීව මීට වසර හතකට ඉහත (2017) හදිසියේ අභාවප්‍රාප්ත වූ ඉන්දික ගුණවර්ධනයන් පිළිබඳ මතකාවර්ජනයක් ද සිදුකෙරුණා.
'සයිබර් කවියේ' මුල් යුගයේ පුරෝගාමී චරිතයක් වූ ඉන්දික ගුණවර්ධන සිය කවිය තුළින් වෙනස්ම මාවතක් විවර කළ ලේඛකයෙකු ලෙස ප්‍රකටය.
එනම් ෆේස්බුක් අවකාශය තුළ 'සිංහල කවිය' සුවිශේෂී තැනකට රැගෙන ඒමට ඔහු ගත් උත්සාහය අදටත් වඩාත් කතාබහට ලක්වන්නකි.
'හිතේ කෙටූ ටැටූ' කාව්‍ය සංග්‍රහයට අමතරව ‘සුළි මැද පිපි තඹර’ ‘නිර්නාමික ඝාතකයා’ ‘සිසිරයේ දිගු රැයෙක’ ‘අවන්හල් බළල්ලු’ ඔහුගේ වෙනත් කෘතීන් අතර වේ.
204 Views
Comments