කාන්තාවන් තිදෙනෙකුගේ ගෙල සිරකර ඝාතනය කර දේපල කොල්ල කෑ සාහාසිකයා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

කාන්තාවන් තිදෙනෙකුගේ ගෙල සිරකර ඝාතනය කර දේපල කොල්ල කෑ සාහාසිකයා

කාන්තාවන් තිදෙනෙකුගේ ගෙල සිරකර ඝාතනය කර දේපල කොල්ල කෑ සාහාසිකයා

කාන්තාවන් තිදෙනෙකුගේ ගෙල සිරකර ඝාතනය කල වයස අවුරුදු 34 ක් වන කළුතර, යගිරල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අල්ලාගන්නට පොලිසිය සමත්ව තිබේ. ඔහු අවස්ථා දෙකකදී කාන්තාවන් ඝාතනය කරමින් දේපළ කොල්ලකෑමේ නිරතව සිටි බවට සොයාගෙන තිබේ.

 

ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පසුගිය 2022 වසරේ නොවැම්බර් 02 වන දින ඉත්තෑපාන පොලිස් වසමේ කාන්තාවකගේ ගෙල සිරකර ඝාතනය කර දේපල කොල්ලකෑමක් වාර්තාවී තිබූ අතර පසුගිය පෙබරවාරි 01 වන දින ඇල්පිටිය පොලිස් වසමේ තවත් කාන්තාවන් දෙදෙනෙකුගේ ගෙල සිරකර ඝාතනය කර දේපල කොල්ලකෑමේ සිද්ධියක් වාර්තාවී තිබුණි.

 

මෙම ඝාතන සියල්ල එක් පුද්ගලයෙකු සිදු කරන බවට පොලිසිය හදුනාගත් අතර පරීක්ෂණ පවත්වා පෙරේදා 16 ඇල්පිටිය පොලිස් වසමේ අවිත්තාව ප්‍රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇල්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්කර ඇත.



අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වන කළුතර වළල්ලාවිට යගිරල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විය. ඔහු වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කොල්ලකන ලද රන්මාල 01ක්, කරාබු ජෝඩු 03ක්, ජංගම දුරකතන 01ක් සොයාගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් මතුගම, කළුතර, ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණ වල වෙනත් නඩු පවතින බවට ද අනාවරණය වී ඇත.

 


සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රැදවුම් නියෝග ලබා ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදු කරනු ලබයි.
 

views

234 Views

Comments

arrow-up