ජාත්‍යන්තරය කියන්නෙ ඉන්දියාව නෙවෙයි කියපු අයගෙ කටවල් වැසූ යොහානි ලෝක ප්‍රසිද්ධ ගායකයාත් එක්ක අලු‍ත් ගමනක (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

ජාත්‍යන්තරය කියන්නෙ ඉන්දියාව නෙවෙයි කියපු අයගෙ කටවල් වැසූ යොහානි ලෝක ප්‍රසිද්ධ ගායකයාත් එක්ක අලු‍ත් ගමනක (PHOTOS)

ජාත්‍යන්තරය කියන්නෙ ඉන්දියාව නෙවෙයි කියපු අයගෙ කටවල් වැසූ යොහානි ලෝක ප්‍රසිද්ධ ගායකයාත් එක්ක අලු‍ත් ගමනක (PHOTOS)

'මැණිකේ මගේ හිතේ' එක්ක මේ පුංචි රටෙනුත් එහාට විහිදුණු ප්‍රතිචාරවලින් 'යොහානි' නම දෙස් විදෙස් රසික ප්‍රජාව ආදරයෙන් වැළඳගනිද්දි, කෙනෙක් දෙන්නෙක් කියන්න ගත්තා ''ජාත්‍යන්තරය කියන්නෙ ඉන්දියාවට නෙවෙයි'' කියලා.

 

සමහරවිට යොහානිගෙ වැඩිම රසික සමූහය ඉන්නෙ අල්ලපු රටේ නිසා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තෙ.

 

හැබැයි ඒ පිරිස අතර උන්නා අමිතාබ්, සල්මාන් වැනි බොලිවුඩයේ සුපිරිතම තරු !

 

ලංකාව ඇතුළෙ වුණේ ඒකෙ අනිත් පැත්ත.

 

ඈට ලංකාව තුළින් ලැබුණෙ බහුතරයක්ම සෘණාත්මක ප්‍රතිචාර. මඩ... විවේචන... ගැරහුම්... අපහාස... උපහාස...

 

සිංදු කියන්න බැරි කෙනෙක් හැටියට මේ පුංචි කෙල්ලව හංවඩු ගහපු තැන් ඒ අතර සෑහෙන්න.

 

ඒවා කොහොම වුණත් ඒ සියල්ලටම උත්තර දෙන්න යොහානි තෝරගත්ත පාර මරු !

 

ලංකාවෙ අනන්‍යතාව එක්ක ඈ ලෝකය පුරාම තමන්ගෙ නම තියන්න පටන් ගත්තා.

 

ඒ නිර්මාණාත්මක වැඩවලින් විතරයි !!

 

එහි ප්‍රතිඵලය අද වෙනකොට හිතාගන්න බැරි තැනකට ඇවිත්.

 

කවුද නිකමට හරි හිතුවෙ 'සිංදු කියන්න බෑ' කියලා හංවඩු ගහපු කෙල්ල, පොඩි කාලයක් අරන් Billboard awards winner කෙනෙක් වන ලෝක ප්‍රසිද්ධ Edward Maya එක්ක සිංදුවක් කරයි කියලා.

 

සංගීතය වෘත්තිය කරගත්ත කාගෙත් හිත්වල තියෙන හීනයක් මේ පොඩි කෙල්ල කෙටි කාලයකින් හැබෑවක් කරගන්නවා.

 

ඒ පිටුපස ඇති ඉවසීම, දරාගැනීම, දක්ෂතාව, හැකියාව සහ වාසනාව මහා ලොකු කතාවක් කියනවා.

 

Edward Maya, සිය ෆේස්බුක් පිටුවෙ ඉඩක් වෙන්කරලා තිබුණා යොහානි එක්ක කරන අලුත් වැඩේ ගැන දැනුම් දෙන්න.

 

Edward Maya හඳුනාගැනෙන්නේ රුමේනියානු ගායකයෙක් ,ගීත රචකයෙක් ,සංගීත නිර්මාණකරුවෙක්, DJ නිෂ්පාදකයෙක් ලෙස ලොවක් ආකර්ෂණය කළ තරුවක් හැටියට.

 

ඔහු වඩාත් ප්‍රසිද්ධ ඔහුගේ "Stereo Love" ගීතය එක්ක.

 

ගීතය එළිදැක්වූ 2009 වසරේ වඩාත් ජනප්‍රිය ගීත අතර ඉහළින්ම තිබුණු නිර්මාණයක් ඒක.

 

අදටත් ඒ ජනප්‍රියත්වයේ අඩුවක් ඇත්තෙ නෑ.

 

This Is My Life, Desert Rain, Love Story, Miracles, Feeling, Angels (Album) වැනි නිර්මාණ ද ඔහුගේ ඉහළ ජනප්‍රියත්වයක් ඇති නිර්මාණ අතර වනවා.

 

Edward Maya, සිය "Stereo Love" ගීතය එක්ක Top 10 Billboard Hot 100 ට ඇතුළත් වුණු පළමු රුමේනියානු ජාතිකයා බවත් සඳහන්.

 

සාමාන්‍යයෙන් ඔහුව බොහෝදෙනා අතර කතාබහට ලක්වන්නේ, ස්වාධීන කලාකරුවෙකු ලෙසත් 'තම හදවතේ අභ්‍යන්තර කලාත්මක හැඟීම් ප්‍රකාශ කරන ගීත පමණක්' නිකුත් කිරීමට තෝරා ගන්නා අයෙක් හැටියටයි.

 

එවන් සුවිශේෂී දැවැන්තයෙක් එක්කයි අපේ රටේ 'කෙල්ල' ජාත්‍යන්තරයට යන්නෙ.

views

274 Views

Comments

arrow-up