“මට ඒකි නැතුව ඉන්න බෑ....” - දරුවන්ට මව අහිමි කළ මවකගේ අනියම් පෙම
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

“මට ඒකි නැතුව ඉන්න බෑ....” - දරුවන්ට මව අහිමි කළ මවකගේ අනියම් පෙම

“මට ඒකි නැතුව ඉන්න බෑ....” - දරුවන්ට මව අහිමි කළ මවකගේ අනියම් පෙම

සීදූව ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළදී 27 හැවිරිදි දෙදරු මවක් ව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවී ඇති බව පොලීසිය පවසයි.

 

පොලීසිය සැක කරන්නේ, මෙම ඝාතනය සිදුකර ඇත්තේ, ඇය කලක සිට අනියම් ඇසුරක් පැවැත්වූ බවට සැකකෙරෙන 22 හැවිරිදි තරුණයෙකු විසින් බවයි.

 

එම ඝාතනයෙන් පසු සැකකරු සම්පූර්ණ සිද්ධිය සිය මිතුරෙකුට පාපොච්චාරණය කර ඇති බව පොලීසිය පැවසීය. 

 

රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි එම බෝඩිං කාමරයකදී 27 හැවිරිදි දෙදරු මව ව ඝාතනය කර තිබුණේ, පෙරේදා රාත්‍රියේදී බව පොලීසිය කීය. 

 

ඝාතනය කර තිබුණේ අනුරාධපුර, පමුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක් වන දිලිනි සසිකලා ප්‍රියභාෂිනී නම් කාන්තාවකි.

 

22 හැවිරිදි තරුණයෙක් එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සැක කරයි. 

 

එම තරුණයා සීදුවේ පිහිටි මියගිය කාන්තාව ජීවත් වූ බෝඩිං කාමරයට  අවස්ථා කිහිපයකදීම පැමිණ ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණි. 

 

ඝාතන සිද්ධියෙන් පසු බෝඩිං කාමරයට ගිය පොලිසියට නිරීක්ෂණය වී තිබුණේ, තොණ්ඩුවක් ද එම කාමරය තුළ සකසා තිබූ ආකාරයකි. 

 

ඝාතනයෙන් පසු සැකකරු ද සිය දිවි නසාගැනීමේ සූදානමක් තිබෙන්නට ඇති බව පොලීසිය සැකපළකරයි. 

 

ඝාතනය සිදුවූ 13 වැනිදා රාත්‍රි මෙම කාමරයේ සිටි සැකකරු ඉන් පිටව ගොස් ඇත්තේ පසුදින උදෑසන බවට බෝඩිං කාමරයේ හිමිකරු දැක තිබුණි. 

 

මේ අතර ඝාතනයෙන් පසු සැකකරු සිය මිතුරෙකුට දුරකථන ඇමතුමක් දී සිද්ධිය පැහැදිලි කර තිබූ බව සඳහන් ය. 

 

සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

views

374 Views

Comments

arrow-up