ලෝක රූ රැජින වේදිකාවෙන් නීටා අම්බානිට ලැබුණු විශේෂ සම්මානය මෙන්න

පහුගිය දවස් කීපයේම කතාබහට ලක්වුණු කෝටිපති පවුලක් තමයි අල්ලපු රටේ අම්බානි පවුල.
එහෙම කතා කරන්න ප්‍රධානතම හේතුව වෙලා තිබුණෙ, අම්බානි පවුලෙ බාල පුත්‍රයාගේ රජ මඟුල.
ලෝකයේම අවධානය දිනූ ඒ ගැන තොරතුරු රැසක් අපි ඔබට අරන් ආවා.
ඔන්න ඊට පස්සෙ ආයෙමත් අම්බානි පවුල කරළියට ඇවිත්.
ඒ නීටා අම්බානි නිසාවෙන්.
පහුගිය දවසක මුම්බායි හි ජියෝ ලෝක සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී 71 වැනි ලෝක රූ රැජින අවසන් මහා රාත්‍රිය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
ඒ 2024 වසරේ ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයේ ක්‍රිස්ට්යානා සිස්කෝවා (Krystyna Pyszková) හට හිමිකර දෙමින්.
එහිදී අපේ කතා නායිකාව වන නීටා අම්බානි ද සුවිශේෂී සම්මානයකින් පිදුම් ලැබුවා.
ඇය එලෙස සම්මාන ලද්දේ “Beauty With a Purpose Humanitarian'' ලෙසින්.
ලෝක රූ රැජින සංවිධානයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ජූලියා මෝර්ලි විසින් ඇයට මෙම සම්මානය පිරිනමනු ලැබුවා.
වසර ගණනාවක් පුරාවට අධ්‍යාපන, සෞඛ්‍ය, කලා ,සංස්කෘතික සහ ක්‍රීඩා යන නේකවිධ අංශ අරභයා මිලියන 72කට අධික ජනතාවකගේ ජීවිත ස්පර්ශ කරමින් ඇය කරන ලද පරිත්‍යාගශීලී ප්‍රයත්නයයි මෙම සම්මානයෙන් ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්ව තිබුණේ.
Reliance Foundation හි නිර්මාතෘ සහ සභාපතිනිය වන නීටා අම්බානි වඩාත් ප්‍රකට, සමාජ වැඩකටයුතු සහ පරිත්‍යාගශීලිත්වය යන කරුණු නිසාවෙන්.
මෙලෙස සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසු නීටා අම්බානි මෙලෙස වචන කිහිපයක් ද එක්කාසු කර තිබුණා.
"මගේ ගමන පුරාවටම සත්‍යය, යහපත්කම සහ අලංකාරය නියෝජනය කරමින්,
සදාකාලික ඉන්දියානු මූලධර්ම වන සත්‍යම් ශිවම් සුන්දරම් යන්න මා විසින් මෙහෙයවනු ලැබුවෙමි.
සත්‍යය ; සත්‍යය වැළඳගනී.
සත්‍යය ; අධ්‍යාත්මික ගමනකි. පාරිශුද්ධත්වය, අඛණ්ඩතාව සහ අරමුණෙහි අවංකභාවය සඳහා වූ ගවේෂණයකි.
ශිවම් තුළ දේවත්වය පෝෂණය කරයි.
අපගේ රිලයන්ස් පදනමේ වැඩ කටයුතු හරහා මම මිලියන සංඛ්‍යාත දරුවන්ගේ සිනහවෙන් දේවත්වය අත්විඳිමි.
මෙම සම්මානය ලැබීම ගෞරවයක්...''
මේ අතර හිටපු ලෝක රූ රැජිනක් සහ නිළියක් වන ප්‍රියංකා චොප්රා ජෝනාස් ද වීඩියෝපටයකින් නීටා අම්බානිගේ අසාමාන්‍ය පරිත්‍යාගශීලී ක්‍රියාවන් ගැන ප්‍රශංසනාත්මක ලෙස අදහස් දක්වා තිබුණා.
“ඇය ගෞරවනීය අධ්‍යාපනවේදිනියක්.
පරිත්‍යාගශීලි අයෙක්, ව්‍යාපාරික කාන්තාවක් පමණක් නෙවෙයි ඉන්දියානු කලාවේ ප්‍රබල ආරක්ෂකයෙක් සහ අනුගාමිකයෙකු ද වේ.
ඇය නිරන්තරයෙන් උපරිම කැපවීමකින් ඉන්දියානු කලාවන් සහ සංස්කෘතිය ගෝලීය වේදිකාවට ගෙන ආවා.
ඇයගේ ගමන අරමුණක් සහිත එකක්...”
347 Views
Comments