සුපිරි නලු අමිතාබ් භච්චන් ගැන හදිසියේ ඇසුණු කනගාටුදායක පුවත මෙන්න

හින්දි සිනමාවේ බිග් බී ලෙස හඳුන්වනු ලබන අමිතාබ් භච්චන් හදිසියේ රෝහල් ගත කර තිබෙනවා.
අද (15) උදෑසන මුම්බායි හි පිහිටා ඇති කොකිලාබෙන් අම්බානි රෝහලට ඇතුළත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවීම හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කළ බව සඳහන්.
හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවී ඇත්තේ පාදයේ ලේ කැටියක් හිරවීම නිසාවෙන් බව වෛද්‍යවරුන් සොයා තිබුණා.
ඒ අනුව අමිතාබ් භච්චන්ගේ පාදයේ සැත්කමක් සිදු කර ඇති අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් බව සඳහන්.
කෙසේ වෙතත් මීට පෙර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ඔහුගේ හෘදයේ සැත්කමක් සිදු කිරීමට නියමිත බවයි.
මේ වනවිට භච්චන් නිවසට පැමිණ විවේක ගනිමින් සිටින බවට ද තොරතුරු වාර්තා වනවා.
424 Views
Comments