විහාරාධිපති හිමිගේ සරමක් හා ටී-ෂර්ටයක් දැමූ අභිරහස් මළසිරුර පාරෙන් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

විහාරාධිපති හිමිගේ සරමක් හා ටී-ෂර්ටයක් දැමූ අභිරහස් මළසිරුර පාරෙන් හමුවෙයි

විහාරාධිපති හිමිගේ සරමක් හා ටී-ෂර්ටයක් දැමූ අභිරහස් මළසිරුර පාරෙන් හමුවෙයි

හතරලියද්ද ටැම්පිට විහාරස්ථානයට පැමිණෙන නාගහමුලකන්ද මාර්ගයේ තිබී එම විහාරස්ථානයේ විහාරාධිපති වූ මුරුද්දෙනියේ සීලරතන හිමිගේ මළ සිරුර සොයාගත් බව පොලිසිය පවසයි.

 

උන්වහනසේ තුම්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හිමියෝ ද වූහ.

 

හැටහත් හැවිරිදි වියෙහි පසුවූ උන්වහන්සේගේ මළසිරුර ප්‍රදේශවාසීන්ගේ සහය මත පොලිසිය ඊයේ (12) පෙරවරුවේ සොයාගෙන තිබේ.

 

මෙය ඝාතනයක් ද යන්න ස්ථිරව ප්‍රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව බව හතරලියද්ද පොලිසිය පවසයි.

 

මියගිය හිමිනම පාරේ වැටී සිටි අවස්ථාවේදී සරමක් හා ටී ෂර්ට් එකක් ඇඳ තොප්පියක් පැළඳ සිට ඇත. හිමිනම රාත්‍රි කාලයේ කවුරුන් හෝ හමුවීමට විහාරස්ථානයෙන් පිටතට ගොස් තිබෙන අතර මෙය ඝාතනයක් බවට පොලිසිය සැක කරයි.

 

මියගිය හිමිනමගේ මළ සිරුර ආසන්නයේ තිබී එළවළු මල්ලක් ද පොලිසිය මගින් සොයාගෙන තිබේ.

views

435 Views

Comments

arrow-up