ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ගැන මහබැංකු අධිපති පහදයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහනය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන කාර්ය මණ්ඩල අනුමැතිය ලද වහාම ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සහ මධ්‍යකාලීන ණය ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින්, ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය තිරසරභාවය වෙනුවෙන් කැප වන බව මහ බැංකු අධිපතිවරයා කියා සිටී.
මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලියට අදාල වැඩපිළිවෙල, එළඹෙන අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි. මූල්‍ය අරමුදල සමග ඇති කරගන්නා ලද ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකාව වසර දහයක කාලයක් ඇතුළතදී ණය තිරසරභාවය ළඟා කරගත යුතු වන අතර, එම කාලය තුළ ණය බර අඩු කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළත් මාර්ග සිතියම ද ඉදිරිපත් කළ යුතු බව මහ බැංකු අධිපතිවරයා කියා සිටී.
එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනයට අනුමැතිය ලැබීමත් සමග අනෙකුත් වාණිජ ණය දෙන්නන් සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා තිබේ.
295 Views
Comments