විදේශ වෙළෙඳාමේදී ඉන්දියාව ඩොලර් අතහැර රුපියල් වලට බසී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

විදේශ වෙළෙඳාමේදී ඉන්දියාව ඩොලර් අතහැර රුපියල් වලට බසී

විදේශ වෙළෙඳාමේදී ඉන්දියාව ඩොලර් අතහැර රුපියල් වලට බසී

රුපියල් වලින් ද්විපාර්ශවික වෙළදාම් කටයුතු සිදු කිරීම සඳහා ඉන්දියානු රාජ්‍ය බැංකු සමග වොස්ට්‍රෝ ගිණුම් විවෘත කිරීමට ශ්‍රී ලංකාවේ බැංකුවලට පසුගියදා අවසරය හිමිවිය.

 

ඒ අනුව ඉන්දියානු රාජ්‍ය බැංකුව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පළමු ඩොලර් නොවන ගනුදෙනුව ඊයේ දිනයේ සනිටුහන් කරන ලදී.

 

ශ්‍රී ලංකාව සමග රුපියල් වලින් වෙළෙඳාම් කිරීම සඳහා ගිණුම් පහක් විවෘත කිරීමට ඉන්දීය සංචිත බැංකුව ද අනුමැතිය ලබාදී තිබෙන අතර ජාත්‍යන්තර ගනුදෙනු වලදී ඇමරිකානු ඩොලර් වැනි ප්‍රධාන මුදල් ඒකක වෙනුවට ද්විතීයික මුදල් ඒකක භාවිතා කිරීමේ යාන්ත්‍රණයට රටවල් ගණනාවක් තුළ දැඩි උනන්දුවක් ජනිත වෙමින් පවතින බවද වාර්තා වේ.


ඇමරිකානු ඩොලර් හිඟ රටවල් වලට තම වෙළෙඳ යාන්ත්‍රණයට එක්වීමේ අවස්ථාව උදා කරලීම සඳහා ඉන්දියාව විසින් මෙවැනි පියවරක් ගෙන ඇති බව ඉන්දීය රජයේ ප්‍රකාශකයෙකු කියා සිටී
 

views

351 Views

Comments

arrow-up