ලංකාවේ බදු ප්‍රතිපත්ති සංශෝධනය විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පවසන්නේ, ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ, එය ක්‍රියාවට නැංවීමේ දී දුගී ජනතාව සහ ආර්ථික අර්බුදයෙන් පීඩාවට ලක් වූ පිරිස් ආරක්ෂා විය යුතු බවයි.
බදු ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම හරහා ණය හිමියන්ගේ විශ්වාසය නැවතත් ළඟා කර ගැනීමට හැකිවනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව තුළ මෑතකදී ක්‍රියාවට නංවා ඇති නව බදු ප්‍රතිපත්ති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන ප්‍රමිතිවලට අනුකූල බව ද ඔහු විසින් ප්‍රකාශ කර සිටියේය. ආර්ථික අර්බුදයෙන් පෙලෙන රටවල ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහාය දක්වන්නැයි චීන විදේශ අමාත්‍ය ක්වින්ග් ගෑන් ,ජී 20 රටවලින් සහ මූල්‍ය ආයතන වලින් ඉල්ලීමක් කර තිබේ.
ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, සිය රටට පමණක් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වගකීම් දැරිය නොහැකි බැවින් අනෙකුත් බලවත් රටවල් ද ඒ සඳහා මැදිහත් වන ලෙසයි.
298 Views
Comments