ඉන්දියාව සහ ශ්‍රී ලංකාව රුපියල් හුවමාරු කරගනිමින් සාර්ථක වෙළඳාමක

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියානු රුපියල් මුදල් ඒකකයෙන් සාර්ථක වෙළඳ ගණුදෙනුවක් සිදු වූ බව ඉන්දීය රාජ්‍ය බැංකුවේ ශ්‍රී ලංකා ප්‍රධානි රවින්ද්‍ර කුමාර් ජා මහතා ප්‍රකාශ කොට තිබේ.
ශ්‍රී ලංකාවේ ආනයනකරුවන් ශ්‍රී ලංකා රුපියල් මුදල් ඒකකයෙන් ආනයනය සඳහා මුදල් ගෙවූ බවත්, එම මුදල් සාර්ථකව ඉන්දියානු රුපියල් මුදල් ඒකකයට හුවමාරු වී ඉන්දීය අපනයනකරුවන්ට ලැබුණු බවත් කුමාර් ජා මහතා පැවැසුවේය.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ශ්‍රී ලංකාව සහා ඉන්දියාව අතර වෙළඳ කටයුතු සඳහා ඉන්දියානු රුපියල යොදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පැවැති වැඩසටහනක දී ඔහු මේ බව කියා සිටී.
එහිදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ ආනයන සීමා කිහිපයක් ලිහිල් කිරීමට රජය කටයුතු කළත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වන තෙක් සියලුම සීමා ලිහිල් කිරීමට හැකියාවක් නොමැති බවයි.
ආනයන සීමා පැනවීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්, ශ්‍රී ලංකාව සතුව ප්‍රමාණවත් විදෙස් සංචිත නොමැති වීම හේතුවෙන් ආනයන සීමා පැනවීමට කටයුතු කළ බවත්, ආර්ථිකය ස්ථාවර වූ පසු සහ විදෙස් සංචිත ප්‍රමාණවත් පරිදි ඉහළ ගිය පසු ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවත් ඔහු පෙන්වා දුනි.
නමුත් ඒ සඳහා තවත් මාස කිහිපයක් ගත විය හැකි බව කියා සිටි ඔහු පැවසුවේ ආනයන සීමා ලිහිල් වන කාල සීමාවන් පිළිබඳ දින වකවානු ප්‍රකාශ කළ නොහැකි බවයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන් ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.
286 Views
Comments