පොලී අනුපාතයේ වෙනසක් අද හෙටම

ඉදිරි මාස දෙක ඇතුළත පොලී අනුපාත පහළ දමනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක අමාත්‍ය නවීන් දිසානායක මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා,
"මිනිසුන්ට තවමත් විශාල ආර්ථික ප්‍රශ්න තියෙනවා. අපි ඒක නෑ කියන්නේ නෑ. ප්‍රධානම වශයෙන් මහ බැංකු අධිපති නන්දලාල් මැතිතුමා එක්ක මම ගිය සතියේ සාකච්ඡා කළා. ඊළඟ මාස දෙක ඇතුලත අනිවාර්යයෙන්ම පොලී අනුපාතය අඩු කරනවා කියලා බලාපොරොත්තුවක් තියෙනවා. අඩුගානේ 15% ත් 20% ත් අතර පොලී අනුපාතය අඩු කරන්නට බලාපොරොත්තුවක් තියෙනවා" යනුවෙන් සඳහන් කළේය.
339 Views
Comments