එළවළු මිල අදත් සීග්‍රයෙන් පල්ලම් බසී

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොලේ එළවළු මිල ගණන් ඉතා විශාල වශයෙන් පහත බැස ඇති බව වාර්තා වේ.
පෙර පැවති ගණන් වලට සාපේක්ෂව තුන් ගුණයකින් මිල පහළ ගොස් ඇති බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමය පවසා සිටී.
බොහෝ එළවළු වර්ග වල තොග මිල ගනන් කිලෝව රුපියල් 100 දක්වා අඩුවී ඇති අතර ඊයේ (27) වන විට බෝංචි කිලෝවක මිල රුපියල් 100 දක්වා අඩු වී ඇති බව ද, මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්. එම් .උපසේන මහතා පවසා සිටියේය.
තක්කාලි කිලෝ එකක් රුපියල් 150 ත් 180 ත් අතර මිලකට අලෙවි වන අතර, රුපියල් 450 කට අලෙවි වූ කැරට් කිලෝවක් රුපියල් 70 - 100 ත් අතර මිලකට අලෙවි වන බව ද වාර්තා වේ.
387 Views
Comments