මෙරට බදු ගෙවීමේ ක්‍රියාවලියේ සුවිශේෂී වෙනස්කම් රැසක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

මෙරට බදු ගෙවීමේ ක්‍රියාවලියේ සුවිශේෂී වෙනස්කම් රැසක්

මෙරට බදු ගෙවීමේ ක්‍රියාවලියේ සුවිශේෂී වෙනස්කම් රැසක්

මෙරට බදු වපසරිය පුළුල් කිරීමේ අරමුණෙන් බදු ගෙවීමේ ක්‍රියාවලියට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හඳුන්වාදීම, රඳවා ගැනීමේ බදු නිදහස් කිරීම වේගවත් කිරීම ඇතුළු සුවිශේෂී සංශෝධන කිහිපයක් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටී.

 

 මේ අනුව, මුදල් වශයෙන් කරනු ලබන ගනුදෙනු සීමා කරමින් පුද්ගල ආදායම් බදු ගෙවන්නන් සඳහා ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් බදු වාර්තා ගොනු කිරීම අනිවාර්ය කිරීමේ නීතියක් හරහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු මාර්ගගත ක්‍රමයට හැරවීමේ ඉදිරි සැලසුම් කාර්යක්ෂම කිරීමට සහ රඳවා ගැනීමේ බද්දට යටත් නොවන  රුපියල් ලක්ෂයට අඩු පොලී ආදායමක් සහිත පුද්ගලයන්ගේ රඳවා ගන්නා මුදල් නැවත කඩිනමින් ඔවුන් වෙත මුදා හැරීම ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට අපේක්ෂිතය.

 

එමෙන්ම, මෙම නව සංශෝධනත් සමග බැංකු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආදී මූල්‍ය ගනුදෙනු බහුලව සිදු වන ආයතනවල කටයුතු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දීම අනිවාර්ය වන බවත් සඳහන් වේ.
 

views

305 Views

Comments

arrow-up