කොමර්ෂල් බැංකුවෙන් නව සේවාවන් දෙකක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

කොමර්ෂල් බැංකුවෙන් නව සේවාවන් දෙකක්

කොමර්ෂල් බැංකුවෙන් නව සේවාවන් දෙකක්

සිය ව්‍යාපාරික ගණුදෙනුකරුවන් සඳහා වෙළෙඳ අවස්ථා සැලකිය යුතු ලෙස පුළුල් කිරීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව නව සේවා දෙකක් දියත් කර තිබේ.

 

ඉන් එක් සේවාවක් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමග සහයෝගයෙන් ක්‍රියාත්මක කෙරෙන අතර අනෙක ස්වාධීනව ක්‍රියාත්මක වන සේවාවක් බව බැංකුව පවසයි.

 

මෙම සේවාවන් දෙකම දේශ සීමා අතර සහ රට තුළ ජාලකරණ අවස්ථා ප්‍රවර්ධනය කරන පද්ධති ලෙස නිර්මාණය කර ඇත.

 

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සමග සහයෝගයෙන් සංවර්ධනය කරන ලද "කොමර්ෂල් බෑන්ක් ලීප්"   (Commercial Bank LEAP) නම්, මින් එක් වැඩසටහනක් ව්‍යවසාය ඩිජිටල්කරණය සහ ව්‍යාපාර නංවාලීම කෙරෙහි අවධානය යොමු කරන පුළුල් ව්‍යාපාරික පද්ධතියකි.

 

අනෙක් සේවාව වන ‘ට්‍රේඩ් ක්ලබ්’ (Trade Club) වේදිකාව බැංකුවේ වෙළෙඳ ක්ෂේත්‍රයට අදාල සේවා වලට පහසු ප්‍රවේශයක් ලබා දීමෙන් ආනයනකරුවන් සහ අපනයනකරුවන් සවිබල ගැන්වීම සිදුකරනු ලබන බව වැඩිදුරටත් වාර්තා වේ.

 

views

341 Views

Comments

arrow-up