ලංකා බැංකුවේ පින්නවල ශාඛාව නව නිවහනකට

වඩාත් විශිෂ්ඨ හා කාර්‍යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණින් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ ලංකා බැංකුවේ පින්නවල ශාඛාව මුදල් තැන්පතු හා ආපසු ගැනීමේ CRM පහසුකම්ද සමගින් නව ගොඩනැගිල්ලක ප්‍රතිස්ථාපනය විය.
මේ වෙනුවෙන් සංවිධානය කෙරුණු උත්සවයට ලංකා බැංකුවේ ප්‍රධාන කළමනාකරු රසල් ෆොන්සේකා, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකාරිණී (උපකාරක සේවා) ප්‍රියන්ති විජේසේකර, සබරගමුව පළාත් සහකාර මහා කළමනාකරු දුමින්ද දයාවංශ, සබරගමුව පළාත් මෙහෙයුම් කළමනාකරු පත්මේන්ද්‍ර ප්‍රේමරත්න, කෑගල්ල ප්‍රාදේශීය කළමනාකරු තිලාන් රාජකරුණා, පින්නවල ශාඛා කළමනාකාරිණී නදීකා සේනාලි, රඹුක්කන අතිරේක ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නවෝද් අබේසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.
356 Views
Comments