HDFC බැංකුවට නව අධ්‍යක්ෂවරයෙක්

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරයෙකු ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් නීතීඥ බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත්කර ඇති බව වාර්තා වේ.
ඔහු ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනයේ මෙන්ම ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ උප සභාපතිවරයා ලෙසද, රාජය සේවයේ වසර 23 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීවරයෙක් බව සඳහන් වේ.
තවද ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සංචාරක කළමනාකරණය රාජ්‍ය කළමනාකරණය, රාජ්‍ය පරිපාලනය යන ක්ෂේත්‍ර පිළිබඳවද ඉහළ දැනුමක් සහිත දශක දෙකකට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇති අත්දැකීම් බහුල වෘත්තිකයෙක් බවද වාර්තා වේ.
317 Views
Comments