ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවට විශිෂ්ඨ ජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවට විශිෂ්ඨ ජයක්

අතිශය අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද 2022 වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට වාර්ෂික පසු ලාභය ලෙස රු. මිලියන 445.1 උපයා ගැනීමට ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව සමත්විය.

 

එය පෙර වර්ෂය වූ 2021 හා සැසඳීමේදී 74% ක වර්ධනයකි.

 

2021 වර්ෂයේ පසු ලාභය ලෙස සටහන් වූයේ රු. මිලියන 255.1 කි.

 

දැවැන්ත සමාජ හා ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව මුල්‍ය ස්ථාවරභාවය හා තිරසර ඉපයීම් මට්ටමක් පවත්වා ගැනිමට සමත් වූ බව ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිතුමිය කේශිලා ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කරන ලදී.

 

ඉහත ප්‍රතිඵල අත්පත් කර ගැනිම සදහා ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මග පෙන්වීම හා බැංකු සේවක මණ්ඩලයේ කැපවීම මෙන්ම ශ්‍රී ලංකා ඉතිරිකිරිමේ බැංකුවේ මව් සමාගම වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ දායකත්වය ද හේතු වූ බව ඇය කියා සිටී.

 

views

309 Views

Comments

arrow-up