MAR
31
ශ්‍රී ලංකාව හැංකි උද්ධමන දර්ශකයෙන් ඉවතට

ජෝන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි මහතා සති දෙකකට වරක් ප්‍රකාශයට පත් කරන ලෝකයේ අධි උද්ධමනයක් ඇති රටවල් ලැයිස්තුවෙන් වසරකට ආසන්න කාලයකට පසුව ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ.
ඔහුගේ උද්ධමන දර්ශකය අනුව කලක් එහි දෙවැනි ස්ථානයට පත් වූ ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම උද්ධමනයක් ඇති රට බවටද පත් විය. මාර්තු 23 දාට අදාලව ඔහු නිකුත් කර ඇති දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ඇති අතර රටවල් 18 ක් ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
267 Views
Comments