තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ක මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ක මිල පහළට

තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ක මිල පහළට

පාරිභෝගිකයන්ට සහන සලසා දීමේ අරමුණින් ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික ආහාර ද්‍රව්‍ය 10 ක මිල අද (24) සිට පහත දමා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

 

ඒ අනුව වියළි මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 120 කින්, සුදු ලූනු කිලෝ ග්‍රෑම් එකක සහ හාල්මැස්සන් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 25 කින් අඩු කර තිබේ.

 

කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 15 කින් ද, දේශීය සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 11 කින් ද, ග්‍රෑම් 425 ටින් මාළු මිල රුපියල් 10 කින් ද අඩු කළ බව ලංකා සතොස සඳහන් කරයි. ඊට අමතරව ලොකු ලූනු කිලෝග්‍රෑමයක සහ දේශීය අර්තාපල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් රුපියල් 10 කින් අඩු කර ඇති අතර, සුදු සීනි සහ වටානා කිලෝග්‍රෑමයක මිල රුපියල් 7 කින් අඩු කර ඇත.

 

මෙම මිල සංශෝධනයට අනුව වියළි මිරිස් කිලෝව රුපියල් 1380 ක් ලෙසද, දේශීය සම්බා සහල් කිලෝවක මිල රුපියල් 199 ක් ලෙසද, සුදු සීනි කිලෝවක මිල රුපියල් 210 ක් ලෙස ද, ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 119 ක් ලෙසද, හාල් මැස්සන් කිලෝවක් රුපියල් 1100 ක් ලෙසද, කඩල කිලෝවක මිල රුපියල් 555 ක් ලෙසද, දේශීය අර්තාපල් කිලෝවක මිල රුපියල් 270 ලෙස සහ ග්‍රෑම් 425 ටින් මාළු එකක මිල රුපියල් 520 ක් ද ලෙස සටහන් වන බව සඳහන් වේ.

views

379 Views

Comments

arrow-up