MAR
17
මහජන බැංකුව ගැන පැතිර යන ප්‍රචාරය අසත්‍යයක් බවට නිවේදනය කෙරේ

මහජන බැංකුව පවසන්නේ, තම බැංකුවේ දැනට පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල ගිණුම් වසා දමන ලෙස කිසිදු රාජ්‍ය ආයතනයක් සෘජු හෝ වක්‍ර ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බවත් එවැනි කටයුත්තක් සඳහා උපදෙස් ලබාදීමක් සිදු කර නොමැති බවත් ය.
මහජන බැංකුව යනු අරමුණු වෙනුවෙන් නොව දේශීය අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ බැංකුවක් බව නිවේදනයක් නිකුත් කරමින් මහජන බැංකුවේ අලෙවිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම සිය සේවාව විශිෂ්ට ලෙස සැපයීම තම අරමුණ බව ද මහජන බැංකුව පවසයි.
321 Views
Comments