ඩොලර් සඟවාගෙන සිටි අයට දුන් සහන කාලය අවසන්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් ඊයේ කොළඹදී පැවැත්විණි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මෙරට ඇමෙරිකානු තානාපතිනි ජූලි චන් එක්ව සිටි බව වාර්තා වේ.
දෙදිනක් පුරා පැවති මෙම සම්මන්ත්‍රණයේ පළමු දිනය පැවැත් වුණේ "අර්බුදයක් තුළ නීතියේ කාර්යභාරය" යන තේමාව යටතේය. ඇමරිකානු ඩොලර් සන්තකයේ තබාගෙන සිටි පිරිස් වෙත මහ බැංකුවෙන් ලබා දුන් සමා කාලය තුළ, එම විනිමය හුවමාරු කළේ නම් ඉහළ අගයක් ලබා ගැනීමට හැකිව තිබූ බව මෙම සම්මන්ත්‍රණය අමතමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේය.
එසේම, එසේ ලබා දුන් සහන කාලය මේ වන විට අවසන්ව ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.
302 Views
Comments