ඉන්ධන මිළ පහළට???

ඩොලරය ට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළදී ඉන්ධන මිල අඩු කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කොට තිබේ.
ඉකුත් සිකුරාදා වන විට පැවති විනිමය අනුපාත වලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 334.50 ක් වූ අතර විකුණුම් මිල රුපියල් 348.03 ක් විය.
ආර්ථික විශේෂඥයන් පවසන ආකාරයට මෙසේ රුපියලේ අගය ඉහළ යාම කෙරෙහි ශ්‍රී ලංකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීම හරහා ලබාගෙන ඇති ප්‍රගතිය, විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යාම සහ ආයෝජකයන් අතර විශ්වාසය තහවුරු වීම වැනි කරුණු කාරණා හේතු සාධක වී තිබේ.
353 Views
Comments