2023 මාර්තු 17 වැනිදා - ඩොලරය සහ රුපියල - අද තත්වය

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත වලට අනුව අනුව ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රුපියල් 350.00 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව සඳහන් වේ.
මහජන බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය ඊයේ රුපියල් 327. 20 ක් ලෙස පැවති අතර එය අද දිනයේදී එය රුපියල් 332.06 ක් ලෙස සටහන් විය. ඊයේ දිනයේ රුපියල් 346.37 ක් ලෙස සටහන් වූ විකිණුම් මිල අද දිනයේ සඳහන් වුයේ රුපියල් 351.51 ක් ලෙසයි.
එසේම, සම්පත් බැංකුවේ ඇමරිකානු ඩොලරයයේ ගැනුම් මිල රුපියල් 335.00 ක් සහ විකිණුම් මිල රුපියල් 355.00 ක් ලෙස සටහන් වූ බව වාර්තා වන අතර, හැටන් නැෂනල් බැංකුවේ අද දිනයේ ඩොලරයේ අගය සටහන්ව ඇත්තේ ගැනුම් මිල රුපියල් 335.00 ක් සහ විකිණුම් මිල රුපියල් 355.00 ක් වශයෙනි.
මේ අතර, ඊයේ දිනයේ දී රුපියල් 332.96 ක් ලෙස සටහන්ව තිබූ කොමර්ෂල් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල අද දිනයේදී රුපියල් 331.58 ක් ලෙස පහත වැටී තිබේ.
329 Views
Comments