MAR
10
බොරතෙල් මිල පහළට

අද (10) වන විට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලෙහි අඩුවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.12ක් ලෙසත් ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.13 දක්වා පහළ ගොස් තිබෙන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මීට දින 04කට පෙර ඩොලර් 86.26ක් ලෙසත් සටහන් වී තිබේ.
ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මීට දින 04කට පෙර සටහන් වූයේ ඩොලර් 80.46ක් ලෙසයි.
302 Views
Comments