ගත වූ සතියේ එළවළු මිලේ සීඝ්‍ර පහළ යාමක්

ගත වූ සතියේ අවසානයේ එළවළු මිල ගණන් වල පහළ යෑමක් දක්නට ලැබුණු බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ පුහුණු කිරීමේ ආයතනය ප්‍රකාශ කර සිටී.
ආර්ථික මධ්‍යස්ථාන රැසක කැරට් කිලෝවක තොග මිල රුපියල් 120 ට වඩා අඩු අගයක් තිබීම විශේෂත්වයකි. ඉහළ මිලක පැවැති බෝංචි මිල ගණන්ද සති අන්තයේදී රුපියල් 250කට අඩු අගයක් වාර්තා වී තිබේ. ආනයනික ලොකු ලූනු රුපියල් 95ත් 100ත් අතර මිලක පැවතුණු අතර ආනයනික අර්තාපල් 120කට පමණ අලෙවි විය වැලිමඩ දේශීය අර්තාපල් කිලෝවක රුපියල් 200ත් 210ත් අතර සටහන් වී තිබුණි.
265 Views
Comments