IMF ආයතනයෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකාවේ ඇති ණය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් පොදු රාමුවක් සැකසීම අත්‍යවශ්‍ය කරුණක් බව අයි.එම් එෆ්. ආයතනය නිවේදනය කර සිටී. ශ්‍රී ලංකාවේ දැඩි විදේශීය ණය බර හේතුවෙන් ආර්ථික අවපාතයකට ගමන් කරමින් සිටින බව ජාත්‍යන්තර අරමුදල පෙන්වා දී තිබේ.
පොදු රාමුවක් නිර්මාණය කර ගැනීමට "කාලානුරූපව විධිමත් ක්‍රියාවලීන්" අවශ්‍ය බව එහි සඳහන් වේ.
G20 සමුළුවේදී මහ බැංකු අධිපතිවරුන්ගේ (FMCBG) හා මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීම අවසන් වීමෙන් පසු අයි.එම් එෆ්. මෙම නිවේදනය නිකුත් කර ඇත.
ගෝලීය කොවිඩ් වසංගතය සමග බොහෝ රටවල් වල ආර්ථික අවපාතයක් නිර්මාණය වී ඇති බව G20 අවධාරණය වී ඇත.
277 Views
Comments