MAR
18
රන් මිල තවත් ඉහළ යන බවට හෙළි වේ

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පවසා සිටින්නේ මේ වන විට ලෝක වෙළෙඳපොලේ රන් මිල යළි ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව මෙරට රත්‍රන් වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ යාමේ වැඩි හැකියාවක් පවතින බව ඒ මහතා පවසා සිටී.
2035 වසර වන විට ලොව ආකරවල පවතින සියලුම රත්‍රන් අවසන් වී යන බවත්, මේ වනවිට විටත් ඉන් 85% ක පමණ ප්‍රමාණයක් භාවිතයට ගෙන අවසන් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ය.
320 Views
Comments