2023 මාර්තු 24 වැනිදා - ඩොලරය සහ රුපියල - අද තත්වය

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත වලට අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව වෙනස්වීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
ඒ අනුව අද දිනයේ ප්‍රකාශයට පත් කර ඇති විනිමය අනුපාතයන්ට අනුව කොමර්ෂල් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල ලෙස රුපියල් 314.16 ක් සහ විකිණුම් මිල ලෙස රුපියල් 332.50 ක් සටහන්ව තිබේ.
මහජන බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 313.52 ක් ලෙස සහ විකිණුම් මිල රුපියල් 336.09 ක් ලෙස සටහන්ව තිබෙන අතර, ලංකා බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 314.00 ක් සහ විකිණුම් මිල රුපියල් 332.54 ක් ලෙස සටහන්ව තිබේ.
එසේම, සම්පත් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 315.00 ක් සහ විකිණුම් මිල රුපියල් 330.00 ක් ලෙස සටහන්ව ඇති බව වාර්තා වේ.
383 Views
Comments