රුපියල ආයෙත් 350ට යයි ද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

රුපියල ආයෙත් 350ට යයි ද?

රුපියල ආයෙත් 350ට යයි ද?

Bloomberg News සේවාවට අනුව, ශ්‍රී ලංකා රුපියල සඳහා අභියෝගාත්මක අනාගතයක් තිබෙන බව විශ්ලේෂකයින් විසින් පුරෝකථනය කර ඇත. ආනයන සීමා ලිහිල් කිරීම සහ ශ්‍රී ලංකාව විසින් ණය ආපසු ගෙවීම නැවත ආරම්භ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉදිරියේදී අඩු වන බව මෙම විශ්ලේෂකයින් පෙන්වා දී ඇත.

 

 

ඊයේ දිනයේ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 1.4කින් ශක්තිමත් වීමක් දක්නට ලැබිණි. කෙසේ වෙතත්, වසර අවසන් වන විට ඇමරිකානු ඩොලරයක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 350 දක්වා ඉහළ යනු ඇති බවට විශ්ලේෂකයින් අනාවැකි පළ කර තිබෙනවා.

 

 

Bloomberg News සේවාව පවසන පරිදි ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමට සංචාරක පැමිණීම් වැඩිවීම සහ බැඳුම්කර වෙළෙඳ පොළ ගනුදෙනු ඉහළ යෑම හේතු වී ඇත.

views

646 Views

Comments

arrow-up