රජය සතු ව්‍යවසාය කිහිපයක කොටස් විකිණීම ගැන මුදල් අමාත්‍යාංශයේ නිවේදනය

මුදල් අමාත්‍යාංශය පවසන්නේ, රාජ්‍ය ව්‍යවසාය කිහිපයක රජය සතු කොටස් අයිතිය පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයට අනුව එම කටයුතු සඳහා සහාය වීම පිණිස ගණුදෙනුකාර උපදේශන සමාගම් තෝරාගැනීම කෙටි කාලයකින් ආරම්භ කරන බවයි.
නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසන්නේ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය විසින් මෙම ගණුදෙනු විනිවිදභාවයකින් යුක්තව සිදු කිරීමට සුදුසු ආයෝජකයන් තෝරා ගැනීම සඳහා කැමැත්ත පළ කිරීමේ නිවේදනය සහ යෝජනා කැඳවීමේ නිවේදන ක්‍රියාවලිය සඳහා දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍යවල දැන්වීම් පළ කිරීමට කටයුතු කරනු ඇති බවයි.
කැබිනට් තීරණයට අනුව රජය සතු කොටස් අයිතිය පැවරීම අනුමත කර ඇති සමාගම් වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම, ටෙලිකොම් සමාගම, රක්ෂණ සංස්ථාව, කොළඹ හිල්ටන් හෝටලය, කොළඹ ග්‍රෑන්ඩ් හයිට්, ලිට්‍රෝ සමාගම, ලංකා හොස්පිටල් සමාගම් වේ.
285 Views
Comments