මහජන බැංකුවට වැදගත් සේවාදායකයන් රැසක් අහිමිවීමේ අවදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

මහජන බැංකුවට වැදගත් සේවාදායකයන් රැසක් අහිමිවීමේ අවදානමක්

මහජන බැංකුවට වැදගත් සේවාදායකයන් රැසක් අහිමිවීමේ අවදානමක්

මහජන බැංකුවේ නිලධාරීන් වැඩ වර්ජන කිරීම හේතුවෙන් තම මූල්‍ය කටයුතු පවත්වා ගැනීමට නොහැකිවීමෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවූ බව පවසමින්, සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් රැසක් මහජන බැංකුවේ පවතින තම ගිණුම් වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

 

අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සලකා තම ගිණුම් මහජන බැංකුවෙන් ඉවත්කොට වෙනත් බැංකුවලට යොමු කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ඔවුන් ඉල්ලා තිබෙන අතර එම ඉල්ලීම පිළිබඳව විශේෂ අවධානය යොමුකර කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාද මුදල් අමාත්‍යාංශයේ බලධාරීන්ට නියෝග කොට ඇති බව වාර්තා වේ.

 

එසේම මහජන බැංකුවේ දැනට ගිණුම් හිමි මෙරට පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ ගිණුම් රැසක් ද එම බැංකුවෙන් ඉවත්කරගැනීමට තීරණය කොට ඇති බව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

views

308 Views

Comments

arrow-up