APR
04
අඩු වෙන ගෑස් මිලත් එක්ක පාන් ගෙඩියේ මිලට කරන්න හදන දේ මෙන්න

ගෑස් මිල අඩු වුවහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.
එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ බේකරි හිමියන් දර සහ ගෑස් භාවිතයෙන් සිය නිෂ්පාදන කටයුතු සිදු කරන අතර, මෙම තත්වය හමුවේ තම සංගමය ඉදිරියේදී රැස්වී තීරණයක් ගන්නා බවයි.
අවසන් වරට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කරනු ලැබුවේ පිටි කිලෝවක මිල රුපියල් 15 කින් අඩු කිරීමත් සමගයි.
321 Views
Comments