ඩොලරයට සාපේක්ෂව දේශීය මුදල් ඒකකවල අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකාවට හිමි ස්ථානය

ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විශේෂඥයෙකු වන මහාචාර්ය Steve Hanke විසින් නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වන පරිදි එක්සත් ජනපදය ඩොලරයට සාපේක්ෂව දේශීය මුදල් ඒකකවල අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකාව ලොව තෙවන ස්ථානයට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ රුපියල 47.79% කින් අවප්‍රමාණය වී ඇති බව එම වාර්තා වල දැක්වේ.
එම වාර්තා වලට අනුව 73.33% කින් අවප්‍රමාණය වී ඇති සිම්බාබ්වේ මුදල් ඒකකය එක්සත් ජනපදය ඩොලරයට සාපේක්ෂව දේශීය මුදල් ඒකක හා ප්‍රමාණය වීම අතින් ලෝකයෙන් ම පළමු තැනට පත්ව ඇත.
එම ලැයිස්තුවේ දෙවන ස්ථානය 57.65% කින් අවප්‍රමාණය වන කියුබාවේ මුදල් ඒකකය හිමිකරගෙන ඇත.
320 Views
Comments