SEP
19
රාජ්‍ය ණය බිලියන 5720ට නගී

මේ වසර (2022) මුල සිට අප්‍රේල් මස අග දක්වා ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 5720.7 කින් වර්ධනය වී ඇත.
මේ අනුව මේ වසර (2022) මුල පැවැති රු. බිලියන 17589.4 ක් වූ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය, මේ වසරේ අප්‍රේල් මස අග වනවිට රු. බිලියන 23310.1 ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
මුළු රාජ්‍ය ණය ප්‍රමාණය නියෝජනය කරන මුළු දේශීය ණය ප්‍රමාණය මේ කාලයේදී රු. බිලියන 12442.3 ක් දක්වා රු. බිලියන 1345 කින් සහ මුළු විදේශීය ණය ප්‍රමාණය රු. බිලියන 23310.1 ක් දක්වා රු. බිලියන 4375.6 ක් දක්වාද ඉහළ ගොස් ඇතැයි එම වාර්තාවේ දැක් වේ.
283 Views
Comments